හොරා පොලිස් කණ්ඩායම රිමාන්ඩ්

පොලිස් නිලධාරීන් බව පවසමින් මඟ හරස් කර මහමග ගමන්ගත් පුද්ගලයින් පරීක්ෂා කිරීමේ නිරතව සිටියදී අත්අඩංගුවට ගත් කල්ලියේ සාමාජිකයින් ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කැස්බෑව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් අද කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙලෙස බන්ධනාගාර ගත කෙරුණේ.

කිසියම් පිරිසක් කැස්බෑව පොලිසියේ ස්ථානාධිපතිවරයා සහ තවත් නිලධාරීන් පිරිසක් ලෙස හඟවමින් කැස්බෑව – මඩපාත – සර්වෝදය මාවතේදී යතුරු පැදි මාර්ග බාධකයක් යොදා ඊයේ රාත්‍රියේ මාර්ගයේ ගමන් ගත් පුද්ගලයින් පරීක්ෂාවට
ලක් කර තිබෙනවා.

ත්‍රීරෝද රථයකින් රාත්‍රී ජංගම මුර සංචාරයේ නිරත පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සර්වෝදය මාවතේ මෙම පිරිස රැඳී සිටින අයුරු දැක ඒ පිළිබඳව සොයා බලන්නට ත්‍රිරෝද රථයෙන් එම ස්ථානයට ළඟා වී තිබෙනවා.

ඒ සමගම එහි සිටි පුද්ගලයන් 03 දෙනෙකු පළා ගිය බවයි පොලීසිය කියා සිටියේ. මෙහිදී වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් පලායමින් සිටි පුද්ගලයන් තුන් දෙනා පසුපස හඹාගොස් ඉන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් වුණා.

පසුව අත්අඩංගුවට ගත් සැකකරුවන් ඔවුන් විසින් පුද්ගලයින් පරීක්ෂා කළ ස්ථානයට රැගෙන විත් පරීක්ෂාවට ලක් වූ පුද්ගලයින්ගෙන්ද පොලිසිය ප්‍රශ්න කළා.

එහිදී පරීක්ෂාවට ලක් වූ පුද්ගලයින් සඳහන් කර ඇත්තේ පෙදරේරු රැකියාවේ නිරත තමන් මදුරු කොයිල් මිලදී ගැනීම සඳහා වෙළෙඳ සැළට යමින් සිටියදී මේ පුද්ගලයින් තමන්ගෙන් ප්‍රශ්න කළ බවයි.

එහි සිටි එක් පුද්ගලයෙකු තමන් කැස්බෑව පොලිසියේ ස්ථානාධිපතිවරයා බවත්, තමන්ට නවතින ලෙසත් පැවැසූ බව කියා සිටියා.

සැකකරුවන් පොලීසියට රැගෙන විත් සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණ වී ඇත්තේ ස්ථානාධිපතිවරයා ලෙස හැඟ වූ පුද්ගලයා අරක්කැමියෙකු ලෙස සේවය කරන්නෙකු බවයි.

සැරයන් ලෙස හැඳින්වූ සැකකරු ත්‍රීරෝද රථ රියදුරකු වන අතර, කොස්තාපල්වරයෙකු ලෙස හැසිරුණු පුද්ගලයා රැකියාවක් නොමැති අයෙකු වනවා.

ඔවුන් ජඹුරලිය සහ නිවුන්ගම පදිංචි අවුරුදු 35 සහ 45 අතර වයස්වල පසුවන්නන්. සැකකරුවන් පැමිණි යතුරුපැදි දෙකක්ද පොලිස් භාරයට ගෙන තිබූ අතර, ඔවුන් අද පෙරවරුවේ කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව
මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකරුවන් 03දෙනා ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26