අයියර් යළිත් KKR නායකත්වයට

එළඹෙන අයි.පී.එල් තරගාවලියේ සඳහා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නායකත්වය සඳහා ශ්‍රෙයාස් අයියර් නැවත වරක් පත්කර තිබෙනවා.

ශ්‍රෙයාස් අයියර් 2022 අයි.පී.එල් තරගාවලියට පෙර ඉන්දීය රුපියල් කෝටි 12.25ක මුදලකට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් මිල දී ගත් අතර, 2023 වසරේ දී ද ඔහු කණ්ඩායමේ රඳවා ගන්නට කටයුතු කළේ නායකත්වයේ වගකීම ද පවරමින්.

කෙසේ වෙතත් පිට කොන්දේ ඇති වූ ආබාධයක් හේතුවෙන් ඔහුට මෙවර අයි.පී.එල් තරගාවලි මඟ හැරී ගියා.

ඒ, අනුව මෙවර තරගාවලියේ දී කොල්කටා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම නිතිෂ් රානා හට පැවරී තිබුණා.

2024 තරගාවලිය වෙනුවෙන් ශ්‍රෙයාස් අයියර් කණ්ඩායමේ නායකයා ලෙස එක්වීමත් සමඟ නිතිෂ් රානා එම කණ්ඩායමේ උප නායකයා ලෙස පත්කර ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර ආබාධය සුවවීමෙන් පසු ශ්‍රෙයාස් අයියර් නිමා වූ එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉන්දීය කණ්ඩායම නියෝජනය කළ අතර, එහිදී ඔහු මැදපෙළ පිතිකරුවෙක් ලෙස දක්ෂතා අතරට පැමිණීමට සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23