AFC Banner
Empty Ad
Empty Ad

ක‍ලා සංගම් රැසක් අධිකරණ ඇමති හමුවෙයි

කලාවේත් කලාකරුවන්ගේත් වෘත්තීයභාවය සුරක්ෂිත කිරීම වෙනුවෙන් පනතක් මගින් අධිකාරී බලයක් සහිත නව රාජ්‍ය ආයතනයක් පිහිටුවීමට අදාළ මූලික සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේදී සිදු කර තිබෙනවා.

අධිකරණ,අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමට මෙරට ප්‍රධාන ක‍ලා සංවිධාන රැසක නියෝජිතයන් ඇතුළු කලාකරුවන් රැසක් එක්ව සිටියා.

සිනමාව, ටෙලිනාට්‍ය, සංගීත ක්ෂේත්‍රය, වේදිකා නාට්‍ය, චිත්‍ර කලාව, කවිය, හිටිවන කවිය ඇතුළු කලාවේ සියලු ක්ෂේත්‍ර නියෝජනය වන පරිදි අධිකාරි බලයක් සහිතව නව පනතක් මගින් මෙම රාජ්‍ය ආයතනය පිහිටුවිය යුතු බවටයි මෙහිදී යෝජනා වී ඇත්තේ.

කලාකරුවාගේ වෘත්තීය බව ආරක්ෂා කරගනිමින් කර්මාන්තයක් ලෙස පවත්වාගෙන යාමට අදාළව නව නීති සකස්විය යුතු බවට මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

මෙවැනි රාජ්‍ය මැදිහත්වීමක් මෙතෙක් සිදුවී නොමැති වීම විශාල ගැටලුවක් බවත් එබැවින් කලාකරුවන්ම රැස්වී විවිධ සංවිධාන පිහිටුවා ගත් බවත් මෙහිදී කලාකරුවන් පෙන්වා දෙනු ලැබුවා.

එබැවින් ‍ජාතික අවශ්‍යතාවක්ව පවතින මෙම කාර්ය සදහා මැදිහත්වීම සම්බන්ධයෙන් ඔවුන් අධිකරණ අමාත්‍යවරයාට සිය ස්තූතිය පුද කළා.

එක් එක් කලා ක්ෂේත්‍රයන්ට බලපාන ගැටලු සහ අදාළ කරුණු වෙනස් බැවින් ඒවා වෙන් වෙන් වශයෙන් සළකා බැලීමේ අවශ්‍යතාව ද කලාකරුවන් මෙහිදී පෙන්වා දී තිබෙනවා.

මෙහිදී අදහස් දක්වමින් අධිකරණ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ කලාවට අදාළ සියලු අමාත්‍යාංශ සහ ආයතනවල සහයෝගයෙන් මෙම නව පනත කෙටුම්පත් කිරීමට සිය උපරිම දායකත්වය ලබා දෙන බවයි.

ඒ අනුව මීට අදාළ මූලික රාමුව සකස් කර ලබන ජනවාරි 10 ට පෙර ලබා දෙන ලෙස ද කලා සංවිධානවලට දැනුම් දෙනු ලැබුවා. එසේම කිසිදු දේශපාලන පක්ෂ පාට භේදයකින් තොරව හුදු කලාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ගන්නා මෙම පියවර සඳහා සියලු පාර්ශ්වයන්ගේ සහයෝගය අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාව ජනතාවට කියලා ආපු දේ නෙමෙයි කරන්නේ
04:05
Video thumbnail
අහෝ දුකකි - කිරි ඇල්ලත් මාලිමාවට ? - ආණ්ඩුවට අපි කල් දෙන්න ඕනි #sjb #anurakumaradissanayake
02:19
Video thumbnail
හොරකම වලක්වන්න හොදම දේ තමයි සජබට කතිරේ ගහන එක
04:59
Video thumbnail
සුරාබදු නිළධාරීන් සහ නාවික හමුදාව එක්ව කළ සුපිරි වැටලීම - ලක්ෂ 80කට වැඩි බීඩි කොළ මාට්ටු
01:55
Video thumbnail
සමගිය ඇතුළෙ කැකෑරෙන අසමගිය - රන්ජිත් මද්දුම බන්ඩාර සියල්ල හෙළි කරයි
04:32
Video thumbnail
වගකීම තියන්නේ අනුර ලග
03:40
Video thumbnail
Breaking News 🛑බලශක්ති අමාත්‍යාංශයට හදීසියේ ගිය ජනාධිපති කළ විශේෂ ප්‍රකාශය#anurakumaradissanayake
05:51
Video thumbnail
නව පොලිස්පති විජිත හේරත් ඉදිරියේ කළ සුපිරි කතාව - පොලීසියට 'ඉස්සර දේශපාලන ඇඟිලි ගැසීම් තිබුණා'
07:33
Video thumbnail
බලය ලැබුනහම මිනිස්සු පිස්සු නටනවාමයි
04:09
Video thumbnail
පුපුරපු සජබයේ පැටිකිරිය එළියට - හිරුණිකා අයින්වුණ ඇත්තම පක්ෂ ප්‍රබලයෙක් කට අරී #sajithpremadasa
06:36

?