ක‍ලා සංගම් රැසක් අධිකරණ ඇමති හමුවෙයි

කලාවේත් කලාකරුවන්ගේත් වෘත්තීයභාවය සුරක්ෂිත කිරීම වෙනුවෙන් පනතක් මගින් අධිකාරී බලයක් සහිත නව රාජ්‍ය ආයතනයක් පිහිටුවීමට අදාළ මූලික සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේදී සිදු කර තිබෙනවා.

අධිකරණ,අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමට මෙරට ප්‍රධාන ක‍ලා සංවිධාන රැසක නියෝජිතයන් ඇතුළු කලාකරුවන් රැසක් එක්ව සිටියා.

සිනමාව, ටෙලිනාට්‍ය, සංගීත ක්ෂේත්‍රය, වේදිකා නාට්‍ය, චිත්‍ර කලාව, කවිය, හිටිවන කවිය ඇතුළු කලාවේ සියලු ක්ෂේත්‍ර නියෝජනය වන පරිදි අධිකාරි බලයක් සහිතව නව පනතක් මගින් මෙම රාජ්‍ය ආයතනය පිහිටුවිය යුතු බවටයි මෙහිදී යෝජනා වී ඇත්තේ.

කලාකරුවාගේ වෘත්තීය බව ආරක්ෂා කරගනිමින් කර්මාන්තයක් ලෙස පවත්වාගෙන යාමට අදාළව නව නීති සකස්විය යුතු බවට මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

මෙවැනි රාජ්‍ය මැදිහත්වීමක් මෙතෙක් සිදුවී නොමැති වීම විශාල ගැටලුවක් බවත් එබැවින් කලාකරුවන්ම රැස්වී විවිධ සංවිධාන පිහිටුවා ගත් බවත් මෙහිදී කලාකරුවන් පෙන්වා දෙනු ලැබුවා.

එබැවින් ‍ජාතික අවශ්‍යතාවක්ව පවතින මෙම කාර්ය සදහා මැදිහත්වීම සම්බන්ධයෙන් ඔවුන් අධිකරණ අමාත්‍යවරයාට සිය ස්තූතිය පුද කළා.

එක් එක් කලා ක්ෂේත්‍රයන්ට බලපාන ගැටලු සහ අදාළ කරුණු වෙනස් බැවින් ඒවා වෙන් වෙන් වශයෙන් සළකා බැලීමේ අවශ්‍යතාව ද කලාකරුවන් මෙහිදී පෙන්වා දී තිබෙනවා.

මෙහිදී අදහස් දක්වමින් අධිකරණ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ කලාවට අදාළ සියලු අමාත්‍යාංශ සහ ආයතනවල සහයෝගයෙන් මෙම නව පනත කෙටුම්පත් කිරීමට සිය උපරිම දායකත්වය ලබා දෙන බවයි.

ඒ අනුව මීට අදාළ මූලික රාමුව සකස් කර ලබන ජනවාරි 10 ට පෙර ලබා දෙන ලෙස ද කලා සංවිධානවලට දැනුම් දෙනු ලැබුවා. එසේම කිසිදු දේශපාලන පක්ෂ පාට භේදයකින් තොරව හුදු කලාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ගන්නා මෙම පියවර සඳහා සියලු පාර්ශ්වයන්ගේ සහයෝගය අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17