සමාගම් කිහිපයක් මත වැට් බදු අය කළ යුතු ආකාරය ගැන සාකච්ඡාවක්

මෘදුකාංග සහ ඩිජිටල් සේවා සපයන සමාගම් මත වැට් බදු අයකිරීමේදී ජාත්‍යන්තර ප්‍රමිතිය වන්නේ අදාළ ව්‍යාපාරය ක්‍රියාත්මක වන ව්‍යාපාර අධිකරණ සීමාවට අදාළව බදු අයකිරීම නොව පාරිභෝගික අධිකරණ සීමාවට අදාළව බදු අය කිරීම බව අන්තර්ජාල කර්මාන්තයේ ප්‍රධාන කණ්ඩායම් නියෝජනයක් සහිත ආසියා පැසිෆික් කලාපයේ අන්තර්ජාල ප්‍රතිපත්ති විසඳීම සම්බන්ධයෙන් කටයුතු කරන ආසියානු අන්තර්ජාල එකමුතුව (Asia Internet Coalition – AIC) පවසනවා.

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පතේ විධිවිධාන ක්‍රියාවට නැංවීමෙන් දේශීය මෘදුකාංග සහ ඩිජිටල් සේවා සැපයුම්කරුවන් කෙරෙහි වන බලපෑම රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේදී සැලකිල්ලට ගත් අවස්ථාවේදීයි ඉහත කරුණු සාකච්ඡා කෙරුණේ.

පෙර පැවති, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී මතු වූ ගැටලුවක දිගුවක් ලෙස, PickMe, Uber, AIC (Meta, Google, X, Booking.com, Amazon, ආදිය නියෝජනය කරමින්) සහ Daraz වැනි දේශීය සහ ජාත්‍යන්තර මෘදුකාංග සහ ඩිජිටල් සේවා සපයන්නන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව වෙත කැඳවා තිබුණා.

එවැනි සියලුම මෘදුකාංග සහ ඩිජිටල් සේවා සපයන්නන් දැනට වැට් බද්ද අයකිරීමෙන් නිදහස් කර ඇති බවත් 2024 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන අගය එකතු කළ බදු (සංශෝධන) පනත් කෙටුම්පතත් සමඟ එම සියලු නිදහස් කිරීම් අවසන් වන බවත් මෙහිදී අනාවරණය වුණා. එම විධිවිධාන මෙරට තුළ (on shore) පමණක් අදාළ වන බැවින් අක්වෙරළ (off shore) එනම් මෙරටින් බැහැර සිට ක්‍රියාත්මක වන ව්‍යාපාර සදහා වඩා වාසිදායක ලෙස බලපාන බව අනාවරණය වී තිබෙනවා. ඒ අනුව මෙරට සිට ක්‍රියාත්මක වන (on shore) මෘදුකාංග සහ ඩිජිටල් සේවා සපයන්නන්නට අවාසියක් සිදුවන බවයි මෙහිදී සාකච්ඡා වී ඇත්තේ.

එවැනි ප්‍රතිපත්තිමය තීරණයක් මගින් මෙරට ව්‍යාපාර (on shore) ක්‍රියාත්මක වීම අධෛර්යමත් කරනු ඇති බවත්, එමගින් රාජ්‍ය ආදායමට බලපෑම් ඇති කරමින් එවැනි එම ව්‍යාපාර මෙරටින් බැහැරව (off shore) ආරම්භ කිරීමට පෙළඹෙන බවත් කමිටුවේ අදහස වුණා. ඒ අනුව, ආසියානු අන්තර්ජාල එකමුතුවේ (AIC) සහාය ඇතිව මෙම ගැටලුව පිළිබඳව සොයා බලන ලෙසත් 2023 දෙසැම්බර් 31 වැනි දින හෝ ඊට පෙර ඉදිරි මාර්ගයක් පිළිබඳව කමිටුවට වාර්තා කරන ලෙසත් කාරක සභාව විසින් මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට නියෝග කර තිබෙනවා.

තවද, කාරක සභාවේ අනුමැතිය සදහා ඉදිරිපත් කර තිබූ නියෝග පහක් සහ යෝජනා සම්මතයක් පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණා. ඒ අනුව රේගු ආඥාපනතේ 10 වැනි වගන්තිය යටතේ අංක 2347/06 දරන ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇති යෝජනාව සහ 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පනත යටතේ අංක 2345/64, 2346/16, 2348/44 සහ 2353/77 දරන ගැසට් පත්‍රවල ප්‍රකාශයට පත් කරන ලද නියෝග පහක් සාකච්ඡාවට ගෙන රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් අනුමත කරනු ලැබුවා.

තිරිඟු සහ මුං ඇට වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍යවලට බලපාන බදු වැඩි කිරීම සහ අඩු කිරීම සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට පෙර මුදල් අමාත්‍යාංශය විසින් අදාළ සියලු ආයතනවල සහාය ඇතිව ගැඹුරු විශ්ලේෂණයක් කළ යුතු බවටයි කමිටුවේ අදහස වූයේ.

තවද, 2021 අංක 11 දරන කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත යටතේ කොළඹ වරාය නගරයේ ස්ථාපිත කිරීමට අදහස් කරන තීරු බදු රහිත වෙළඳ කලාපයට (Down – Town Duty Free) අදාළ රෙගුලාසි පිළිබඳව ද කමිටුවේ අවධානය යොමු වුණා.

ඒ අනුව, ඩවුන්ටවුන් තීරුබදු රහිත වෙළඳ සංකීර්ණය ප්‍රධාන වශයෙන් චීනයේ සහ ඉන්දියාවේ සංචාරක පාරිභෝගිකයින්ගෙන් 70% ක් ඉලක්ක කර ගන්නා අතර ගෝලීය වෙළඳ නාම ඇතුළු නිෂ්පාදන කාණ්ඩ 25 කින් යුත් සුපිරි සුඛෝපභෝගී සන්නාමයන්ගෙන් සමන්විතයි.

මීට අදාළ රෙගුලාසි යටතේ ආනයනය කළ හැකි භාණ්ඩ මොනවාදැයි සඳහන් කරන ඇතැම් විධිවිධාන නීත්‍යානුකූලව බැඳී නොමැති බව කාරක සභාවට මෙහිදී නිරීක්ෂණය වුණා. එබැවින්, නීතියේ හිඩැස් වළක්වා ගැනීමට සහ ජනතාව සූරාකෑමෙන් අසාධාරණයක් සිදුවීම වළක්වා ගැනීමට එම රෙගුලාසිය නැවත සමාලෝචනය කළ යුතු බව කමිටුව දැනුම් දෙනු ලැබුවා. ඒ අනුව සාකච්ඡාවට බඳුන් වූ එම ගැටලු නිවැරදි කර කමිටුවට ඉදිරිපත් කරන ලෙසටයි කොළඹ වරාය නගර කොමිෂන් සභාවේ සාමාජිකයින්ට උපදෙස් දීම සිදු කෙරුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43