පුත්තලම කලපුවේ ගිල්ලවා තිබූ රත්තරන් තොගයක් ගොඩගැනේ (ඡායාරූප)

පුත්තලම කලපුවේ, බත්තලංගුණ්ඩුව දූපත අසල මුහුදේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී මුහුදු ප්‍රදේශයේ ගිල්වා තිබූ රත්‍රං තොගයක් සොයා ගැනීමට නාවික හමුදාවට ඊයේ (08) හැකියාව ලැබී තිබෙනවා.

නාවික හමුදාව සඳහන් කළේ රත්‍රං කිලෝග්‍රෑම් 04කට අධික ප්‍රමාණයක් මෙලෙස සොයාගත් බවයි.

මීට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයන් දෙදෙනෙක් ඩිංගි යාත්‍රාවක් ද සමඟ නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් වයස අවුරුදු 27 ක් සහ 35 ක් වන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වුණේ.

ජාවාරම්කරුවන් විසින් නීති විරෝධී ලෙස මෙම රත්‍රං තොගය පසුව රැගෙන යාමේ අපේක්‍ෂාවෙන් මෙලෙස ගිල්වා තබන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කළ බවයි නාවික හමුදාව සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
5
+1
2
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හරිනි ආලෝකට කතා කරද්දි ආලෝකා බලපු හැටි ..සෙනඟ මැදින් හරිනි ගැම්මට යන්නේ
02:46
Video thumbnail
සාගරිකා ශීඝ්‍රගාමි දුම්රිය පීලිපැනීමට හේතුව මෙන්න..සමස්ත දුම්රිය ධාවනයේ ගැටලු තියෙනවා
02:30
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10
Video thumbnail
වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න..ගින්න මැද්දේ කඩේ තිබ්බ රතිඤ්ඤා පුපුරණ හැටි
01:21
Video thumbnail
සංඥා කුළුණකට නැගි තරුණයා බැහැලා හඬා වැටෙයි.."මාව හිරේ දාන්න එපා..ගිහින් ග#න්න එපා"
02:27
Video thumbnail
කසාගල අධිවේගී පිවිසුමේදී ලොරි රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් මාට්ටු
00:56
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි
00:27
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි.."යකෝ සාම පාගමනේ රණ්ඩු කරන්න එපා"
00:58
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26
Video thumbnail
සාගරිකා පීලි ප#නී - දුම්රිය ගමනා ගමනයට බාධා
00:47