පස් කන්දක් කඩා වැටී හැටන් කොළඹ මාර්ගයේ ගමනා ගමනයට බාධා (ඡායාරූප)

ගිනිගත්හේන දියගල ප්‍රදේශයේදී හැටන් කොළඹ A 07 ප්‍රධාන මාර්ගයට විශාල පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනය සම්පුර්ණයෙන්ම ඇනහිට තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ අද රාත්‍රී 7.45ට පමණ මෙම පස් කන්ද කඩා වැටී ඇති බවයි.

ගිනිගත්හේන ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ප්‍රධාන මාර්ගයට ඉහලින් පිහිටි විශාල පස් කන්ද ගස් සහ ගල් සමග මාර්ගයට කඩා වැටී තිබෙනවා.

කඩා වැටුණු පස් කන්ද සහ ගල් ඉවත් කරන තෙක් කොළඹ සිට හැටන් දක්වා ගමන් ගන්නා සියළුම වාහන කළුගල ලක්ෂපාන නෝටන්බ්‍රිජ් මාර්ගයෙත්, මහනුවර සිට හැටන් දක්වා ධාවනය කරන සියළුම වාහන නාවලපිටිය තලවකැලේ මාර්ගයෙත් ධාවනය කරන ලෙස හැටන් පොලිසිය රියදුරන්ට දැනුම් දෙනවා.

පස් කන්ද කඩා වැටුණු ස්ථානයෙන් තවත් පස් කදු කඩා වැටීමේ අවදානමක් පවතින බැවින් පස් ඉවත් කිරිම තරමක් ප්‍රමාද වන බවටයි මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කර ඇත්තේ.

මේ අතර බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අද පවතින අධික වර්ෂාවත් සමග බලන්ගොඩ කිරිඳිගල ග්‍රාම සේවා වසමේ පස් කඳු කඩා වැටීම හේතුවෙන් නිවාස හතරකට හානි සිදුව තිබෙනවා.

එම නිවාසවල පදිංචිකරුවන් ආරක්ෂිතව ඥාති නිවෙස්වල රඳවා තැබිමට කටයුතු කල බවයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහන් කළේ.

මේ අතර කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයට බලන්ගොඩ ඇල්ලේපොළ ප්‍රදේශයේදී ගසක් කඩා වැටීම හේතුවෙන් මාර්ගයේ එක් මංතිරුවක් අවහිර වී තිබෙනවා.

අධික වර්ෂාව තවදුරටත් පවතින අතර නාය යෑමේ අවදානම් කලාපවල පදිංචි ජනතාවට විමසිල්ලෙන් සිටින ලෙසටයි බලන්ගොඩ ප්‍රදේශිය ලේකම් හේමන්ත බණ්ඩාර මහතා ජනතාවට දැනුම් දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16