පස් කන්දක් කඩා වැටී හැටන් කොළඹ මාර්ගයේ ගමනා ගමනයට බාධා (ඡායාරූප)

ගිනිගත්හේන දියගල ප්‍රදේශයේදී හැටන් කොළඹ A 07 ප්‍රධාන මාර්ගයට විශාල පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනය සම්පුර්ණයෙන්ම ඇනහිට තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ අද රාත්‍රී 7.45ට පමණ මෙම පස් කන්ද කඩා වැටී ඇති බවයි.

ගිනිගත්හේන ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ප්‍රධාන මාර්ගයට ඉහලින් පිහිටි විශාල පස් කන්ද ගස් සහ ගල් සමග මාර්ගයට කඩා වැටී තිබෙනවා.

කඩා වැටුණු පස් කන්ද සහ ගල් ඉවත් කරන තෙක් කොළඹ සිට හැටන් දක්වා ගමන් ගන්නා සියළුම වාහන කළුගල ලක්ෂපාන නෝටන්බ්‍රිජ් මාර්ගයෙත්, මහනුවර සිට හැටන් දක්වා ධාවනය කරන සියළුම වාහන නාවලපිටිය තලවකැලේ මාර්ගයෙත් ධාවනය කරන ලෙස හැටන් පොලිසිය රියදුරන්ට දැනුම් දෙනවා.

පස් කන්ද කඩා වැටුණු ස්ථානයෙන් තවත් පස් කදු කඩා වැටීමේ අවදානමක් පවතින බැවින් පස් ඉවත් කිරිම තරමක් ප්‍රමාද වන බවටයි මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කර ඇත්තේ.

මේ අතර බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අද පවතින අධික වර්ෂාවත් සමග බලන්ගොඩ කිරිඳිගල ග්‍රාම සේවා වසමේ පස් කඳු කඩා වැටීම හේතුවෙන් නිවාස හතරකට හානි සිදුව තිබෙනවා.

එම නිවාසවල පදිංචිකරුවන් ආරක්ෂිතව ඥාති නිවෙස්වල රඳවා තැබිමට කටයුතු කල බවයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහන් කළේ.

මේ අතර කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයට බලන්ගොඩ ඇල්ලේපොළ ප්‍රදේශයේදී ගසක් කඩා වැටීම හේතුවෙන් මාර්ගයේ එක් මංතිරුවක් අවහිර වී තිබෙනවා.

අධික වර්ෂාව තවදුරටත් පවතින අතර නාය යෑමේ අවදානම් කලාපවල පදිංචි ජනතාවට විමසිල්ලෙන් සිටින ලෙසටයි බලන්ගොඩ ප්‍රදේශිය ලේකම් හේමන්ත බණ්ඩාර මහතා ජනතාවට දැනුම් දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.23
00:00
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42
Video thumbnail
අද දිනයේත් බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට
03:12