විදේශ කටයුතු අමාත්‍යාංශය ශ්‍රී ලාංකික ඩයස්පෝරාව දෙස ධනාත්මකව බැලිය යුතුයි

ශ්‍රී ලංකා විදේශ සේවයේ තනතුරු සඳහා බඳවා ගැනීම් ක්‍රියාවලිය සිදු කිරීමේ දී ප්‍රයෝගික නිපුණතා සහිත අපේක්ෂකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා අවශ්‍ය වැටුප් පරිමාවන් (Salary Scales) සකස් කළ යුතු අතර එම බඳවා ගැනීම් කිරීමේ ක්‍රමවේදය ප්‍රතිසංස්කරණය කළ යුතු බව ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

විදේශ සේවයට බඳවා ගැනීම් විභාගයෙන් ඉහළ ලකුණු ප්‍රමාණයක් ලබා ගනිමින් ශාස්ත්‍රීය සුදුසුකම් මත අපේක්ෂකයින් සැලකිය යුතු සංඛ්‍යාවක් සම්මුඛ පරීක්ෂණය සඳහා සුදුසුකම් ලැබුව ද, රටේ සහ සේවයේ අවශ්‍යතාවයට සරිලන ප්‍රයෝගික දැනුම, නිපුණතා සහ පෞරුෂය සම්මුඛ පරීක්ෂණ වලදී පිළිබිඹු නොවන බවයි මෙහිදී පැමිණ සිටි නිලධාරීන් ප්‍රකාශ කළේ.

මේ පිළිබඳ සාකච්ඡා වුයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේදී යි.

ඒ අනුව, තවදුරටත් කරුණු දක්වමින් විදේශ කටයුතු අමාත්‍යංශය පවසා සිටියේ සැලකිය යුතු ලකුණු ප්‍රමාණයක් මෙම බඳවා ගැනීම් විභාගය සහ ශාස්ත්‍රීය සුදුසුකම් මත පදනම් වන බැවින් සේවයේ අවශ්‍යතාවයට සරිලන ප්‍රයෝගික දැනුම, නිපුණතා සහ පෞරුෂය නොමැති වුව ද අයදුම්කරුවන් ලබා ගන්න ලකුණු ප්‍රමාණය මත සේවයට ඇතුළත් වන බවයි.

ශ්‍රී ලාංකික ඩයස්පෝරාව පිළිබඳ සෘණාත්මක කෝණයකින් බැලීමට අප හුරු වී තිබෙන අතර එය වෙනස් විය යුතු බව ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාකච්ඡා වී තිබෙනවා.

වෙනත් රටවල සංක්‍රමණික ජනතාව දෙස එම රටවල් ධනාත්මකව බලන බවත්, එරට විදේශ කටයුතු අමාත්‍යාංශ ඒ වෙනුවෙන් කටයුතු කරන බවත්, වර්තමානයේ එම ප්‍රජාව තමන් සංක්‍රමණය වූ රාජ්‍යන් හී ඉහළ තනතුරු දරණ මට්ටමට පත්ව ඇති බව ද ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පෙන්වා දෙනු ලැබුවා.

ඒ අනුව, මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය මේ පිළිබඳව අවධානය යොමු කළ යුතු බවයි ආංශික අධීක්ෂණ කාරක සභා සභාපතිවරයා මෙහි දී පෙන්වා දුන්නේ.

විදේශ තානාපති කාර්යාලයන් සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සලසා ගැනීමේ ක්‍රියාවලිය ඉතා දීර්ඝ සහ සංකීර්ණ ක්‍රියාවලියක් බවත්, එම තත්ත්වය අවම කිරීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලියට කාලීන අවශ්‍ය වෙනස්කම් සිදු කිරීමට ද ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී යෝජනා වී තිබෙනවා.

ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති නාමල් රාජපක්ෂ නිලධාරීන්ගෙන් සීමාවාසික වැඩසටහන පිළිබඳව ද විමසා සිටි අතර සීමාවාසිකව පුහුණුව ලබන කණ්ඩායම් හට පැවරෙන වගකීම්, කාර්යභාරය සහ ඔවුන් වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යංශය ගෙනයන වැඩපිළිවෙල පිලිබඳ වාර්තාවක් කාරක සභාව වෙත ලබා දෙන ලෙසට ද උපදෙස් දෙනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23