ඉන්දියාවේ වඩාත්ම ආරක්ෂිත නගරය නම් කෙරේ

කොල්කටා නගරය අඛණ්ඩව තුන්වන වසරටත් ඉන්දියාවේ ආරක්ෂිතම නගරය බවට පත්වී තිබෙනවා.ඒ ජාතික අපරාධ වාර්තා කාර්යාංශය (NCRB) විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවකට අනුවයි.

2022 දී පුද්ගලයන් ලක්ෂයකට සංජානනීය අපරාධ 86.5 ක් වාර්තා වූ නැගෙනහිර අගනගරය වන පූනේහි මේ වසරේදී සංජානනීය අපරාධ 280.7ක් වාර්තා වන අතර හයිද්‍රාබාද් හි 299.2 ක් වාර්තා වී ඇති බව NCRB දත්ත පෙන්වා දෙනවා. සංජානනීය අපරාධ යනු ඉන්දියානු දණ්ඩ නීති සංග්‍රහයේ සහ විශේෂ සහ ප්‍රාදේශීය නීති වගන්ති යටතේ ලියාපදිංචි කර ඇති නඩු බව සඳහන්. ලක්ෂ 20කට වැඩි ජනගහනයක් සිටින නගර 19ක් අතර සැසඳීමෙන් පසුව මෙම ශ්‍රේණිගත කිරීම් නිකුත් කර තිබේ

NCRB වාර්තාවට අනුව, කොල්කටා 2021 දී පුද්ගලයන් ලක්ෂයකට සංජානනීය අපරාධ 103.4 ක් ලියාපදිංචි කර ඇති අතර එය මේ වසරේ 86.5 දක්වා පහත වැටී බෙනවා.2021 දී, පූනේ සහ හයිද්‍රාබාද් ජනගහනය ලක්ෂයකට පිළිවෙලින් 256.8 සහ 259.9ක් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?