සිසුවියන් හතරකට සහ සිසුන් තිදෙනෙකුට පාසලේ කා.කා.ස අමුතු පාඩමක් උගන්වලා

පංති කාමරයක් තුළ දී බලවයසාකාර දැරිවියන් තිදෙනෙකුව සහ පිරිමි දරුවන් දෙදෙනෙකුව සිපගෙන අනතුරුව ඔවුන්ට තම ජංගම දුරකතනයේ තිබූ අසභ්‍ය දර්ශන පෙන් වූ බව කියන පාසල් කාර්යාල කාර්ය සහායකවරයෙකු වෙන්නප්පුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු ඊයේ (05) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙන්නප්පුව – මිරිස්සන්කොටුව නිමල මරියා ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් පොලීසියට කර ඇති පැමිණිල්ලකට අනුවයි.

ඊයේ (05) දහවල් කාලයේ සැකකරු විසින් පාසලේ 04 වන ශ්‍රේණියේ පංති කාමරය තුළ දී දැරිවියන් තිදෙනෙකු සහ පිරිමි දරුවන් දෙදෙනෙකු සිපගෙන එම දරුවන්ට ඔහුගේ ජංගම දුරකථනයේ තිබූ අසභ්‍ය දර්ශන පෙන්වා ඇති බවයි විදුහල්පතිවරයා පොලීසිය හමුවේ පැමිණිලි කර ඇත්තේ.

ඒම පැමිණිල්ලට අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ලුණුවිල, බණ්ඩිරිප්පුව ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 24ක අයෙක්.

අත්අඩංගුවට ගැනුණු සැකකරු මාරවිල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
1
+1
4
+1
2
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?