AFC Banner
Empty Ad
Empty Ad

‘මිජවුම්’ චණ්ඩ සුළි කුණාටුව අද පෙරවරුවේ ඉන්දියාවට කඩා වදී – දැනටමත් මරණ 08ක්

අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයට සහ තමිල්නාඩුවට මේ වනවිටත් දැඩි බලපෑමක් එල්ල කර ඇති ‘මිජවුම්’ චණ්ඩ සුළි කුණාටුව අද (05) දිනයේ ගොඩබිම වෙත ළඟා වනු ඇතැයි ඉන්දීය කාලගුණ අංශ අපේක්ෂා කරනවා.

පසුගිය පැය 24 තුළ ප්‍රාන්ත දෙකටම තද වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇති වූ බවයි එරට කාලගුණ අංශ සඳහන් කළේ.

මෙම අයහපත් කාලගුණය හේතුවෙන් චෙන්නායි හි පුද්ගලයින් 08 දෙනෙකු මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ඉන්දියාවේ කාර්යබහුලම ගුවන් තොටුපොළක් වන චෙන්නායි ගුවන් තොටුපළ අද (05) උදෑසන වන තෙක් මෙහෙයුම් නවතා දමා තිබුණා.

ඒ, ගුවන් තොටුපොළ ජලයෙන් යට වී තිබීමත් සමඟයි.

කෙසේ වෙතත් ගුවන් තොටුපළ බලධාරීන් අද ප්‍රකාශ කළේ සියලුම පැමිණීමේ සහ පිටවීමේ මෙහෙයුම් මේ වන විට යළි ආරම්භ කර ඇති බවයි.

දකුණු අන්ද්‍රා ප්‍රදේශ් සහ ඊට යාබද උතුරු තමිල්නාඩු වෙරළට ඔබ්බෙන් බෙංගාල බොක්කෙහි බටහිර වෙරළ තීරයේ කේන්ද්‍රගතව ඇති ‘මිජවුම්’ සුළි කුණාටුව අද (05) පෙරවරු 11.00ට පමණ දකුණු ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළ තීරය සහ නෙල්ලෝර් සහ මචිලිපට්නම් අතර තරණය කිරීමට ඉඩ ඇති බවයි පුරෝකථනය කර ඇත්තේ.

මෙම සුළි කුණාටුව දෙසැම්බර් 06 වනදා දක්වා දැඩිව පවතිනු ඇතැයි ඉන්දීය කාලගුණ අංශ අනතුරු අඟවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?