‘මිජවුම්’ චණ්ඩ සුළි කුණාටුව අද පෙරවරුවේ ඉන්දියාවට කඩා වදී – දැනටමත් මරණ 08ක්

අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයට සහ තමිල්නාඩුවට මේ වනවිටත් දැඩි බලපෑමක් එල්ල කර ඇති ‘මිජවුම්’ චණ්ඩ සුළි කුණාටුව අද (05) දිනයේ ගොඩබිම වෙත ළඟා වනු ඇතැයි ඉන්දීය කාලගුණ අංශ අපේක්ෂා කරනවා.

පසුගිය පැය 24 තුළ ප්‍රාන්ත දෙකටම තද වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇති වූ බවයි එරට කාලගුණ අංශ සඳහන් කළේ.

මෙම අයහපත් කාලගුණය හේතුවෙන් චෙන්නායි හි පුද්ගලයින් 08 දෙනෙකු මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ඉන්දියාවේ කාර්යබහුලම ගුවන් තොටුපොළක් වන චෙන්නායි ගුවන් තොටුපළ අද (05) උදෑසන වන තෙක් මෙහෙයුම් නවතා දමා තිබුණා.

ඒ, ගුවන් තොටුපොළ ජලයෙන් යට වී තිබීමත් සමඟයි.

කෙසේ වෙතත් ගුවන් තොටුපළ බලධාරීන් අද ප්‍රකාශ කළේ සියලුම පැමිණීමේ සහ පිටවීමේ මෙහෙයුම් මේ වන විට යළි ආරම්භ කර ඇති බවයි.

දකුණු අන්ද්‍රා ප්‍රදේශ් සහ ඊට යාබද උතුරු තමිල්නාඩු වෙරළට ඔබ්බෙන් බෙංගාල බොක්කෙහි බටහිර වෙරළ තීරයේ කේන්ද්‍රගතව ඇති ‘මිජවුම්’ සුළි කුණාටුව අද (05) පෙරවරු 11.00ට පමණ දකුණු ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළ තීරය සහ නෙල්ලෝර් සහ මචිලිපට්නම් අතර තරණය කිරීමට ඉඩ ඇති බවයි පුරෝකථනය කර ඇත්තේ.

මෙම සුළි කුණාටුව දෙසැම්බර් 06 වනදා දක්වා දැඩිව පවතිනු ඇතැයි ඉන්දීය කාලගුණ අංශ අනතුරු අඟවා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25