හොර පාරෙන් රට යන්න ගිය තරුණියන් දෙදෙනෙක් අත්අඩංගුවට

වංචනිකව සකස් කළ වීසා බලපත්‍ර උපයෝගී කර ගනිමින් ඉතාලිය වෙත යාමට තැත් කළ ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එක් කාන්තාවක් කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අයෙක් වන අතර අනෙක් තරුණිය යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි වියේ පසුවන අයෙක්.

ඔවුන් දෙදෙනා අලුයම 03.25ට දෝහා වෙත පිටත්ව යාම සදහා කටාර් ගුවන් සේවයේ QR – 659 දරන ගුවන් යානය සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එහිදී ඔවුන් ගුවන් සේවා නිශ්කාශන කටයුතු සඳහා ඉදිරිපත් ලියකියවිලි පිළිබඳ සැක සිතූ කටාර් ගුවන් සේවා නිලධාරීන් මොවුන් දෙදෙනා ගුවන් තොටුපොළ ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.

එහිදී සිදු කළ විමර්ශනවලදී මෙම ඉතාලි වීසා බලපත්‍ර ව්‍යාජ තොරතුරු ඇතුළත් කර වංචනිකව සකස් කර ඇති බවටයි කරුණු අනාවරණය වී ඇත්තේ.

ඒ අනුව මෙම කාන්තාවන් දෙදෙනා ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.

මෙම වසර තුළ දී උතුරු පළාතේ පදිංචිකරුවන් මේ ආකාරයෙන් වංචනික ලියකියවිලි භාවිතා කර යුරෝපා රටවල් වෙත පළා යාම සඳහා දැරූ උත්සාහයන් 10ක් කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් ව්‍යර්ථ කර ඇතැයි සඳහන්.

එමෙන්ම මෙලෙස යුරෝපය වෙත පළා යමින් සිටි උතුරු පළාතේම පදිංචිකරුවන් තවත් අවස්ථා කිහිපයකදී දෝහා සහ ඩුබායි ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන යළි මෙරටට එවීමට ද පියවර ගෙන තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
tan postතංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51