spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හොර පාරෙන් රට යන්න ගිය තරුණියන් දෙදෙනෙක් අත්අඩංගුවට

වංචනිකව සකස් කළ වීසා බලපත්‍ර උපයෝගී කර ගනිමින් ඉතාලිය වෙත යාමට තැත් කළ ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එක් කාන්තාවක් කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අයෙක් වන අතර අනෙක් තරුණිය යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි වියේ පසුවන අයෙක්.

ඔවුන් දෙදෙනා අලුයම 03.25ට දෝහා වෙත පිටත්ව යාම සදහා කටාර් ගුවන් සේවයේ QR – 659 දරන ගුවන් යානය සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එහිදී ඔවුන් ගුවන් සේවා නිශ්කාශන කටයුතු සඳහා ඉදිරිපත් ලියකියවිලි පිළිබඳ සැක සිතූ කටාර් ගුවන් සේවා නිලධාරීන් මොවුන් දෙදෙනා ගුවන් තොටුපොළ ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.

එහිදී සිදු කළ විමර්ශනවලදී මෙම ඉතාලි වීසා බලපත්‍ර ව්‍යාජ තොරතුරු ඇතුළත් කර වංචනිකව සකස් කර ඇති බවටයි කරුණු අනාවරණය වී ඇත්තේ.

ඒ අනුව මෙම කාන්තාවන් දෙදෙනා ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.

මෙම වසර තුළ දී උතුරු පළාතේ පදිංචිකරුවන් මේ ආකාරයෙන් වංචනික ලියකියවිලි භාවිතා කර යුරෝපා රටවල් වෙත පළා යාම සඳහා දැරූ උත්සාහයන් 10ක් කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් ව්‍යර්ථ කර ඇතැයි සඳහන්.

එමෙන්ම මෙලෙස යුරෝපය වෙත පළා යමින් සිටි උතුරු පළාතේම පදිංචිකරුවන් තවත් අවස්ථා කිහිපයකදී දෝහා සහ ඩුබායි ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන යළි මෙරටට එවීමට ද පියවර ගෙන තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
4
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?