AFC Banner
Empty Ad
Empty Ad

ඕස්ට්‍රේලියාව පරදා ඉන්දියාවට විස්සයි විස්ස තරගාවලි ජයක්

තරග පහකින් සමන්විත ඉන්දු – ඕස්ට්‍රේලියා පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබිය දී ජයගන්නට ඉන්දීය කණ්ඩායම ඊයේ (01) සමත් වුණා.

ඒ, දෙරට අතර රායිපූර් හිදී පැවති සිව්වන තරගය ලකුණු විස්සකින් ජයගැනීමට හැකිවීමත් සමඟයි.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ඉන්දියාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 09ක් දැවී ලකුණු 174ක් ලකුණු පුවරුවට එක් කළා.

එහිදී ඉන්දීය ඉනිම වෙනුවෙන් රින්කු සිං ලකුණු 46ක් රැස්කළ අතර, ආරම්භක පිතිකරුවන්වන යෂස්වි ජයිස්වාල් සහ රුතුරාජ් ගයික්වාඩ් පිළිවෙලින් ලකුණු 37ක් සහ 32ක් රැස් කිරීමට සමත් වුණා.

ජිතේෂ් ෂර්මා ඉන්දීය ඉනිම වෙනුවෙන් ලකුණු 35ක් රැස්කළා.

පන්දු යැවීමේ දී බෙන් ඩ්වර්ෂුයිස් කඩුලු 03ක්, තන්වීර් සංඝා සහ ජේසන් බෙරෙන්ඩෝෆ් කඩුලු 02 බැඟින් බිඳ දැමුවා.

අනතුරුව ලකුණු 175ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියාවට කඩුලු 07ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 154ක් පමණයි.

මෙහිදී ට්‍රැවිස් හෙඩ් ලකුණු 31ක් සහ නායක මැතිව් වේඩ් ලකුණු 36ක් රැස් කිරීමට සමත් වුණා.

අනෙකුත් ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට එතරම් ලකුණු අතරට පැමිණීමට අවස්ථාව හිමිවුයේ නැහැ.

පන්දු යැවීමේ දී අක්සාර් පටෙල් පන්දුවාර 04ක් යවා ලකුණු 16කට කඩුලු 03ක් බිඳ දැමූ අතර, දීපක් චාහර් කඩුලු 02ක් බිඳ දැමුවා.

ඒ, අනුව මෙම තරගය ජයගත් ඉන්දීය කණ්ඩායම තවත් එක් තරගයක් ඉතිරිව තිබිය දී තරගාවලිය ජයගන්නට සමත් වුණා.

දෙරට අතර පැවති තුන්වන තරගයේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ජයග්‍රහණය ගෙන ආ සුපිරි පිතිකරු ග්ලේන් මැක්ස්වෙල් මෙම තරගය සදහා එක්ව නොසිටීම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?