ඕස්ට්‍රේලියාව පරදා ඉන්දියාවට විස්සයි විස්ස තරගාවලි ජයක්

තරග පහකින් සමන්විත ඉන්දු – ඕස්ට්‍රේලියා පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබිය දී ජයගන්නට ඉන්දීය කණ්ඩායම ඊයේ (01) සමත් වුණා.

ඒ, දෙරට අතර රායිපූර් හිදී පැවති සිව්වන තරගය ලකුණු විස්සකින් ජයගැනීමට හැකිවීමත් සමඟයි.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ඉන්දියාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 09ක් දැවී ලකුණු 174ක් ලකුණු පුවරුවට එක් කළා.

එහිදී ඉන්දීය ඉනිම වෙනුවෙන් රින්කු සිං ලකුණු 46ක් රැස්කළ අතර, ආරම්භක පිතිකරුවන්වන යෂස්වි ජයිස්වාල් සහ රුතුරාජ් ගයික්වාඩ් පිළිවෙලින් ලකුණු 37ක් සහ 32ක් රැස් කිරීමට සමත් වුණා.

ජිතේෂ් ෂර්මා ඉන්දීය ඉනිම වෙනුවෙන් ලකුණු 35ක් රැස්කළා.

පන්දු යැවීමේ දී බෙන් ඩ්වර්ෂුයිස් කඩුලු 03ක්, තන්වීර් සංඝා සහ ජේසන් බෙරෙන්ඩෝෆ් කඩුලු 02 බැඟින් බිඳ දැමුවා.

අනතුරුව ලකුණු 175ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියාවට කඩුලු 07ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 154ක් පමණයි.

මෙහිදී ට්‍රැවිස් හෙඩ් ලකුණු 31ක් සහ නායක මැතිව් වේඩ් ලකුණු 36ක් රැස් කිරීමට සමත් වුණා.

අනෙකුත් ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට එතරම් ලකුණු අතරට පැමිණීමට අවස්ථාව හිමිවුයේ නැහැ.

පන්දු යැවීමේ දී අක්සාර් පටෙල් පන්දුවාර 04ක් යවා ලකුණු 16කට කඩුලු 03ක් බිඳ දැමූ අතර, දීපක් චාහර් කඩුලු 02ක් බිඳ දැමුවා.

ඒ, අනුව මෙම තරගය ජයගත් ඉන්දීය කණ්ඩායම තවත් එක් තරගයක් ඉතිරිව තිබිය දී තරගාවලිය ජයගන්නට සමත් වුණා.

දෙරට අතර පැවති තුන්වන තරගයේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ජයග්‍රහණය ගෙන ආ සුපිරි පිතිකරු ග්ලේන් මැක්ස්වෙල් මෙම තරගය සදහා එක්ව නොසිටීම විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08