උසස් පෙළ සිසුන්ට මෙවරත් ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව

මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව පසුගිය වසරේදී මෙන්ම මෙම වසරේදීත්, අ.පො.ස උසස් පෙළ හදාරනු ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩසටහන ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබෙනවා.

ඒ අනුව, ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ මගපෙන්වීම යටතේයි මෙම ශිෂ්‍යත්ව වැඩසටහන අද (01) දින සිට ආරම්භ කෙරෙන්නේ.

දිවයිනේ අධ්‍යාපන කලාප 100ම ආවරණය වන පරිදි එක් කලාපයකින් සිසුන් 50ක් බැගින් තෝරාගෙන, සිසුන් 5000ක් සඳහා මසකට රුපියල් 6000 බැගින් වන ශිෂ්‍යත්ව ලබාදීමට මේ අනුව කටයුතු කරනු ලබනවා.

පසුගිය වසරේද ළමුන් 3000ක් වෙනුවෙන් මාස 24ක කාලයක් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට ජනාධිපති අරමුදල මගින් කටයුතු කරනු ලැබුවා.

2022(2023) වර්ෂයේ දී අ.පො.ස (සා.පෙළ) විභාගයට පළමුවරට පෙනී සිට, විභාගය සමත්ව උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලබා තිබීම, රජයේ පාසලක හෝ ගාස්තු අය නොකරන පෞද්ගලික පාසලක ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකු /ශිෂ්‍යාවක වීම, ඉල්ලුම්කරුගේ පවුලේ මාසික ආදායම රුපියල් 100,000ක් නොඉක්මවීම මෙම ශිෂ්‍යත්ව සඳහා ඉල්ලුම් කිරීමට මූලික සුදුසුකම් ලෙස සැලකෙනවා.

මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා වන අයදුම්පත්‍රය සහ ඊට අදාළ විස්තර, ජනාධිපති ලේකම් කාර්යාලයේ presidentsoffice.gov.lk, ජනාධිපති අරමුදලේ presidentsfund.gov.lk සහ ජනාධිපති මාධ්‍ය අංශයේ pmd.gov.lk වෙබ් අඩවිවලට පිවිසීමෙන් බාගත කර ගැනීමේ අවස්ථාව සලසා දී තිබෙනවා.

එම අයදුම්පත් නිසි පරිදි සම්පූර්ණ කිරීමෙන් අනතුරුව අදාළ සිසුන් විසින් ඔවුන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි පාසලේ විදුහල්පතිවරයා වෙත එම අයදුම්පත් භාරදීමට කටයුතු කළ යුතුයි.

මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා සියලුම දරු දැරියන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ සහයෝගය ජනාධිපති අරමුදල අපේක්ෂා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
2
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල්කාන්ත අවු:14ක් තිස්සේ කරපු සෙල්ලම් ඔක්කොම එළියට ?..ලාල්ව වහාම අත්අඩංගුවට ගන්න
04:56
Video thumbnail
ගාල්ල බද්දගම මාර්ගය නිසා දැඩි උණුසුම් තත්ත්වයක් - උනුත් එකයි මුනුත් එකයි..අපේ පාර කඩලා
04:50
Video thumbnail
කොහොමද ඒ කඹ ඇදිල්ල..වැල්ලවායේ පොලිසිය පවුලේ අය එක්ක තිබ්බ අවුරුදු උත්සවය..
02:23
Video thumbnail
අස්ථානගත වූ මුදල්වල වරදකරු හොයන්න සත්‍ය ගවේශකයෝ පෙරට - රටේ මිනිස්සුන්ගේ සල්ලිනේ මේ
01:18
Video thumbnail
සනත්ගෙයි ජෙරම්ගෙයි තනතුරේ ආරවුල ඈෂ්ලිද සිල්වා ලිහයි.."මේ නම දාලා තියෙන්නේ..බලන්න"
02:31
Video thumbnail
තිස්සකුට්ටි ජනපතිගේ වීඩියෝවක් ලීක් කරයි..කට ඇරියොත් බොරු කියන්නේ..සත පහක වගකීමක් නෑ
01:27
Video thumbnail
ආණ්ඩුව මහ දවල් මුදල් අමාත්‍යංශය මංකොල්ල කාලා - නාමල් හොඳම එකෙන් දෙසයි
02:36
Video thumbnail
රත්නපුර පොළ සංකීර්ණයේ හදිසියේම හටගත් ගින්න..කඩ සේරම මුළුමනින්ම ගිනිබත්වෙලා
03:07
Video thumbnail
ඩොලර් මිලියන 2.5ක හොරකම ගැන කරුණු රැසක් එළියට..ජනපති මුදල් ඇමතිකමින් ඉවත් වෙන්න
04:39
Video thumbnail
වැල්ලවායේ දී යතුරුපැදියක් ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුර..
01:09