AFC Banner
Empty Ad
Empty Ad

අධිකරණවල ඇති සාක්ෂි කූඩු මුළුමනින්ම ඉවත් කිරීමට පියවර

අධිකරණවල ඇති සාක්ෂි කූඩු මුළුමනින්ම ඉවත් කිරීමට පියවර ගැනීමට තීරණය කර ඇති අතර අධිකරණ පද්ධතිය සේවාවන් ලබාදිය යුත්තේ විනිසුරුවරුන්ට හෝ නීතිඥයින්ට නොව මහජනතාව සඳහා බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කාඩ්පත් මඟින් සිදුකල හැකි මුදල් ගෙවීමේ (Pos Machin) ක්‍රමය අධිකරණ පද්ධතිය වෙත හදුන්වා දීම සඳහා මහජන බැංකුව සමඟ ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

අධිකරණ නියෝග අනුව කරනු ලබන ලද දඩ මුදල් සහ අනෙතුත් ගෙවීම් මෙතෙක් සිදු කරන ලද්දේ මුදල්වලින් පමණක් වන අතර එහිදී මහජනතාවට මුහුණදීමට සිදුවූ දුෂ්කරතාවයන් සලකා බලා මුදල් ගෙවීමේ කටයුතු කාඩ්පත් මගින් සිදු කළ හැකි (Pos Machin) ක්‍රමය කොළඹ අධිකරණ කලාපයෙන් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.

නූතන සමාජයට ගැලපෙන අයුරින් බැංකු ගණුදෙනු කිරීම සම්බන්ධ අණපනත් මේ වන විටත් සංශෝධනය කර අවසන් බව සඳහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලේ වර්තමාන සමාජය අන්තරජාලය හරහා ඉතා කාර්යක්ෂම අයුරින් ගණුදෙනු කිරීමට වැඩි කැමැත්තක් දක්වන බැවින් එම කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් සපයාදීම ඉතා යෝග්‍ය බවයි.

අධිකරණය යනු බියෙන් හා සැකයෙන් යායුතු තැනක් නොවන බව සඳහන් කළ අමාත්‍යවරයා අධිකරණ කටයුතු සඳහා අධිකරණයන් වෙත ඉදිරිපත් වී සාක්ෂි ලබාදීමට ඉදිරිපත්වන සියලුම පුරවැසියන් වැරදිකරුවන් නොවන බවයි ඔහු පෙන්වා දුන්නේ.

සාක්ෂිකරුවන් යනු අධිකරණ ක්‍රියාවලිය සඳහා සහාය වන පුරවැසියන් වන අතර කූඩුවක සිට සාක්ෂි ලබාදීමේ කූඩු ක්‍රමය වෙනස් කර සාක්ෂිකරුට ගෞරවනීය ආකාරයෙන් සාක්ෂි ලබාදීමට අවශ්‍ය ක්‍රමයක් මේ වසර අවසන් වීමට පෙර ආරම්භ කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ලබන වසර අවසන් වීමට පෙර එම කටයුතු අවසන් කිරීමට කටයුතු කරන බවයි ඔහු කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
6
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාව ඇතුලේ ගැටලුකාරී තත්ත්වයක් - කමල් අද්දරාරච්චිගෙන් ආන්දොලනාත්මක හෙළිදරව්වක්... #npp #akd
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ කඩවත පිවිසුම ජලයෙන් යටවෙයි
01:42
Video thumbnail
කාළගුණයෙන් රතු නිවේදන - දිවයිනේ තව දුරටත් තද වැසි #badweather #climate
03:36
Video thumbnail
ජනතා අශිර්වාදයෙන් හොඳම පිරිසක් සජබයෙන් පාර්ලිමේන්තු යනවා #sajithpremadasa #sjb
02:04
Video thumbnail
Breaking News🛑සිලින්ඩරය පුපුරයි - නාමයෝජනා නොලැබුණ සමන් රත්නප්‍රිය මාධ්‍ය ඉදිරියේ සංවේදී වෙයි
06:38
Video thumbnail
KASTHIRAMA |හි.පා.ම. ආශු මාරසිංහ සහ ජාතික ජන බලවේගයේ විධායක සභික නාමල් කරුණාරත්න සහභාගීවන කස්තිරම
01:38:55
Video thumbnail
හෙට අනිද්ද උත්තර දෙන්න සූධානම් - රන්ජන් ගාවට ගිය අසේල සම්පත් කාට කාටත් ඇහෙන්න දාපු සද්දේ
03:22
Video thumbnail
ගාල්ලෙන් මාලිමාවට වැඩ්ඩෝ 12ක් - කරන්න යන අලුත් පෙරළිය එළියට #npp #akd #anurakumaradissanayake
02:58
Video thumbnail
කොළොන්නාවම වසාගත් ජල රකුසා - නිවාස රැසක් ජලයෙන් යට වෙයි #climate #badweather
01:26
Video thumbnail
ඉතා කෙටි කාලයක් තුළ ජාතික ජන බලවේගයේ පිරිහීම පේනවා #sjb #akd #anurakumaradissanayake
02:22

?