අධිකරණවල ඇති සාක්ෂි කූඩු මුළුමනින්ම ඉවත් කිරීමට පියවර

අධිකරණවල ඇති සාක්ෂි කූඩු මුළුමනින්ම ඉවත් කිරීමට පියවර ගැනීමට තීරණය කර ඇති අතර අධිකරණ පද්ධතිය සේවාවන් ලබාදිය යුත්තේ විනිසුරුවරුන්ට හෝ නීතිඥයින්ට නොව මහජනතාව සඳහා බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කාඩ්පත් මඟින් සිදුකල හැකි මුදල් ගෙවීමේ (Pos Machin) ක්‍රමය අධිකරණ පද්ධතිය වෙත හදුන්වා දීම සඳහා මහජන බැංකුව සමඟ ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

අධිකරණ නියෝග අනුව කරනු ලබන ලද දඩ මුදල් සහ අනෙතුත් ගෙවීම් මෙතෙක් සිදු කරන ලද්දේ මුදල්වලින් පමණක් වන අතර එහිදී මහජනතාවට මුහුණදීමට සිදුවූ දුෂ්කරතාවයන් සලකා බලා මුදල් ගෙවීමේ කටයුතු කාඩ්පත් මගින් සිදු කළ හැකි (Pos Machin) ක්‍රමය කොළඹ අධිකරණ කලාපයෙන් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.

නූතන සමාජයට ගැලපෙන අයුරින් බැංකු ගණුදෙනු කිරීම සම්බන්ධ අණපනත් මේ වන විටත් සංශෝධනය කර අවසන් බව සඳහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලේ වර්තමාන සමාජය අන්තරජාලය හරහා ඉතා කාර්යක්ෂම අයුරින් ගණුදෙනු කිරීමට වැඩි කැමැත්තක් දක්වන බැවින් එම කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් සපයාදීම ඉතා යෝග්‍ය බවයි.

අධිකරණය යනු බියෙන් හා සැකයෙන් යායුතු තැනක් නොවන බව සඳහන් කළ අමාත්‍යවරයා අධිකරණ කටයුතු සඳහා අධිකරණයන් වෙත ඉදිරිපත් වී සාක්ෂි ලබාදීමට ඉදිරිපත්වන සියලුම පුරවැසියන් වැරදිකරුවන් නොවන බවයි ඔහු පෙන්වා දුන්නේ.

සාක්ෂිකරුවන් යනු අධිකරණ ක්‍රියාවලිය සඳහා සහාය වන පුරවැසියන් වන අතර කූඩුවක සිට සාක්ෂි ලබාදීමේ කූඩු ක්‍රමය වෙනස් කර සාක්ෂිකරුට ගෞරවනීය ආකාරයෙන් සාක්ෂි ලබාදීමට අවශ්‍ය ක්‍රමයක් මේ වසර අවසන් වීමට පෙර ආරම්භ කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ලබන වසර අවසන් වීමට පෙර එම කටයුතු අවසන් කිරීමට කටයුතු කරන බවයි ඔහු කියාසිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09