AFC Banner
Empty Ad
Empty Ad

මග නැගුම ආයතනය ඈවර කිරීමට එරෙහිව පෙත්සමක්

මග නැගුම ආයතනයේ සේවකයන්ට වන්දි ප්‍රදානය කර එම ආයතනය ඈවර කිරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබෙන තීරණය තුළින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සමක් පිළිබඳ කරුණු සලකා බැලීම සඳහා ලබන වසරේ ජූලි මස 26 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වසන්ත බණ්ඩාර විසින් මෙම පෙත්සම ගොනු කර තිබූ අතර පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ කණෂ්ක විතාරණ මහතා කරුණු ඉදිරිපත් කළා.

එහිදී පාර්ශවකරුවන් විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේ අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන වසරේ ජූලි මස 26 වනදා කැඳවන ලෙසටයි.

ප්‍රීති පද්මන් සූරසේන, මහින්ද සමයවර්ධන සහ කුමුදුනි වික්‍රමසිංහ යන මහත්මහත්මින් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබූවා.

පෙත්සම්කරු කියා සිටින්නේ ලාභ ලබන ආයතනයක් වන මගනැගුම ආයතනයේ සේවකයන්ට වන්දි ප්‍රදානය කර පැවරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පසුගිය මාර්තු මස 28 දා තීරණයක් ගෙන තිබූ බවයි.

රාජ්‍ය ප්‍රතිපත්තිය යටතේ පාඩු ලබන ආයතන ඈවර කිරීමට රජය වෙත බලය පැවරී තිබුණ ද මග නැගුම ආයතනය ලාභ ලබන ආයතනයක් බැවින් එය ඈවර කිරීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් පෙත්සම්කරු සඳහන් කරනවා.

මේ තුළින් අදාළ ආයතනයේ සේවකයින්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
2
+1
4
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ලොකේ කවුරුත්ම සීයට සීයක්ම ගැලපෙන්නේ නෑ
05:51
Video thumbnail
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:53:41
Video thumbnail
ඉතිහාසයේ පළමු වතාවට සහෝදරයෙක් ජනාධිපති වෙලා ඉන්නවා
05:10
Video thumbnail
JVP කරන්නේ සංවේදී අය - අපි ප්‍රේමණීය මිනිස්සු
04:52
Video thumbnail
JR ජයවර්ධන සමයේ බිහිසුණු අත්දැකීම් ටිල්වින් එකින් එක හෙළි කරයි - "ඒ අය කරපු දේවල් අපේ මත පැටෙව්වා"
02:21
Video thumbnail
UNPයේ කවුරුත් නොදන්න නිරුවත ටිල්වින් හෙළි කරයි - "83 ජූලි කලබල ඇතිකළේ මේ අය" #unp #tilvinsilva
01:33
Video thumbnail
ටිල්වින් සිල්වා ඇත්තටම ටිල්වින්ද ? සුසිල්ද ? - කවුද මේ ටිල්වින් කියන සුසිල් #npp #jvp #tilvinsilva
02:10
Video thumbnail
රට පුරා වෙළඳසැල්වල හෙට සිට නාඩු - මෙන්න ජනාධිපති දුන්න උපදෙස #anurakumaradissanayake
01:56
Video thumbnail
ලබන වසරේ සිට බඩ ඉරිඟු ආනයනය සීමා කරමින් දේශීය නිශ්පාදන වලට මුල්තැන දෙනවා
01:16
Video thumbnail
ඉන්දීය මහ කොමසාරිස්වරයා සහ ජනාධිපති ලේකම් අතර හමුවක්
00:50

?