මග නැගුම ආයතනය ඈවර කිරීමට එරෙහිව පෙත්සමක්

මග නැගුම ආයතනයේ සේවකයන්ට වන්දි ප්‍රදානය කර එම ආයතනය ඈවර කිරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබෙන තීරණය තුළින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සමක් පිළිබඳ කරුණු සලකා බැලීම සඳහා ලබන වසරේ ජූලි මස 26 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වසන්ත බණ්ඩාර විසින් මෙම පෙත්සම ගොනු කර තිබූ අතර පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ කණෂ්ක විතාරණ මහතා කරුණු ඉදිරිපත් කළා.

එහිදී පාර්ශවකරුවන් විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේ අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන වසරේ ජූලි මස 26 වනදා කැඳවන ලෙසටයි.

ප්‍රීති පද්මන් සූරසේන, මහින්ද සමයවර්ධන සහ කුමුදුනි වික්‍රමසිංහ යන මහත්මහත්මින් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබූවා.

පෙත්සම්කරු කියා සිටින්නේ ලාභ ලබන ආයතනයක් වන මගනැගුම ආයතනයේ සේවකයන්ට වන්දි ප්‍රදානය කර පැවරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පසුගිය මාර්තු මස 28 දා තීරණයක් ගෙන තිබූ බවයි.

රාජ්‍ය ප්‍රතිපත්තිය යටතේ පාඩු ලබන ආයතන ඈවර කිරීමට රජය වෙත බලය පැවරී තිබුණ ද මග නැගුම ආයතනය ලාභ ලබන ආයතනයක් බැවින් එය ඈවර කිරීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් පෙත්සම්කරු සඳහන් කරනවා.

මේ තුළින් අදාළ ආයතනයේ සේවකයින්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28