ප්‍රභාකරන්ගේ රුව සහිත ඇඳුම් ඇඳ සිටි තරුණයෙකු අල්ලයි – යාපනය සරසවියත් මහ විරු සැමරුම සමරයි (ඡායාරූප)

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් සහ එම සංවිධානයේ ධජයේ රුව සහිත ඇඳුම් ඇඳ සිටි පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ යාපනය – කොඩිකාමම් ප්‍රදේශයේ දීයි.

එම සැකකරු මහවිරු සැමරුම් උත්සවයක දී එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාගේ සහ එම සංවිධානයේ
ධජයේ රුව සහිත ටී ෂර්ටයක් හැඳගෙන සිටි අයෙකු බවටයි කොඩිකාමම් පොලිසිය පැවසුවේ.

කොඩිකාමම් ප්‍රදේශයේ දී ඊයේ (27) සවස මෙම මහවිරු සැමරුම් උත්සවය පැවති අතර එම උත්සව
අවස්ථාවට අදාළ තරුණයා ත්‍රස්තවාදී ඡායාරූප සමාජගත වන අයුරින් ඇඳුම් හැඳ සිටි බවයි වාර්තා වන්නේ.

පසුව එම සැමරුම් අවස්ථාවට සහභාගී වූ අයෙකු විසින් ඒ පිළිබඳ ව කොඩිකාමම් පොලීසියට දැනුම්දීමෙන් පසුව පොලීසිය විසින් අදාළ තරුණයා අද (28) උදෑසන ම අත්අඩංගුවට ගැනීමට පියවර ගැනුණා.

සැකකරුට එල්ල වී ඇති චෝදනාව වන්නේ තහනම් ත්‍රස්ත සංවිධානයක ධජය මෙන් ම එම ත්‍රස්ත සංවිධානයේ නායකයාගේ රුව ප්‍රදර්ශනය කිරීමේ චෝදනාවයි.

අත්අඩංගුවට ගත් සැකකරු කොඩිකාමම් ප්‍රදේශයේ ම පදිංචි 27 හැවිරිදි තරුණයෙකු වන අතර ඔහු
අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවට වාර්තා වනවා.

මේ අතර යාපනය විශ්වවිද්‍යාල‍ය සහ එම විශ්වවිද්‍යාලයේ කිලිනොච්චිය කෘෂිකර්ම පීඨය විසින් ද මහ විරු සැමරුම සිදු කර තිබෙනවා.

මීට විශ්වවිද්‍යාලයේ පරිපාලනයේ ද අනුමැතිය හිමි ව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

විශ්වවිද්‍යාලය ප්‍රධාන ගේට්ටුව අබියස ද මහ විරුවන්ට උපහාරයක් ලෙස තොරණක් ඉදිකර තිබෙනවා.

මෙම සැමරුම විශ්වවිද්‍යාලයේ මහා විරු ස්මාරකය අසල දී සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

WhatsApp Image 2023 11 28 at 17.19.37
WhatsApp Image 2023 11 28 at 17.19.38 1
WhatsApp Image 2023 11 28 at 17.19.38
WhatsApp Image 2023 11 28 at 17.19.39
WhatsApp Image 2023 11 28 at 17.19.40
WhatsApp Image 2023 11 28 at 17.19.41
WhatsApp Image 2023 11 28 at 17.19.42
WhatsApp Image 2023 11 28 at 17.19.44 1
WhatsApp Image 2023 11 28 at 17.19.44
WhatsApp Image 2023 11 28 at 17.19.45 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18