spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රභාකරන්ගේ රුව සහිත ඇඳුම් ඇඳ සිටි තරුණයෙකු අල්ලයි – යාපනය සරසවියත් මහ විරු සැමරුම සමරයි (ඡායාරූප)

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් සහ එම සංවිධානයේ ධජයේ රුව සහිත ඇඳුම් ඇඳ සිටි පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ යාපනය – කොඩිකාමම් ප්‍රදේශයේ දීයි.

එම සැකකරු මහවිරු සැමරුම් උත්සවයක දී එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාගේ සහ එම සංවිධානයේ
ධජයේ රුව සහිත ටී ෂර්ටයක් හැඳගෙන සිටි අයෙකු බවටයි කොඩිකාමම් පොලිසිය පැවසුවේ.

කොඩිකාමම් ප්‍රදේශයේ දී ඊයේ (27) සවස මෙම මහවිරු සැමරුම් උත්සවය පැවති අතර එම උත්සව
අවස්ථාවට අදාළ තරුණයා ත්‍රස්තවාදී ඡායාරූප සමාජගත වන අයුරින් ඇඳුම් හැඳ සිටි බවයි වාර්තා වන්නේ.

පසුව එම සැමරුම් අවස්ථාවට සහභාගී වූ අයෙකු විසින් ඒ පිළිබඳ ව කොඩිකාමම් පොලීසියට දැනුම්දීමෙන් පසුව පොලීසිය විසින් අදාළ තරුණයා අද (28) උදෑසන ම අත්අඩංගුවට ගැනීමට පියවර ගැනුණා.

සැකකරුට එල්ල වී ඇති චෝදනාව වන්නේ තහනම් ත්‍රස්ත සංවිධානයක ධජය මෙන් ම එම ත්‍රස්ත සංවිධානයේ නායකයාගේ රුව ප්‍රදර්ශනය කිරීමේ චෝදනාවයි.

අත්අඩංගුවට ගත් සැකකරු කොඩිකාමම් ප්‍රදේශයේ ම පදිංචි 27 හැවිරිදි තරුණයෙකු වන අතර ඔහු
අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවට වාර්තා වනවා.

මේ අතර යාපනය විශ්වවිද්‍යාල‍ය සහ එම විශ්වවිද්‍යාලයේ කිලිනොච්චිය කෘෂිකර්ම පීඨය විසින් ද මහ විරු සැමරුම සිදු කර තිබෙනවා.

මීට විශ්වවිද්‍යාලයේ පරිපාලනයේ ද අනුමැතිය හිමි ව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

විශ්වවිද්‍යාලය ප්‍රධාන ගේට්ටුව අබියස ද මහ විරුවන්ට උපහාරයක් ලෙස තොරණක් ඉදිකර තිබෙනවා.

මෙම සැමරුම විශ්වවිද්‍යාලයේ මහා විරු ස්මාරකය අසල දී සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

WhatsApp Image 2023 11 28 at 17.19.37
WhatsApp Image 2023 11 28 at 17.19.38 1
WhatsApp Image 2023 11 28 at 17.19.38
WhatsApp Image 2023 11 28 at 17.19.39
WhatsApp Image 2023 11 28 at 17.19.40
WhatsApp Image 2023 11 28 at 17.19.41
WhatsApp Image 2023 11 28 at 17.19.42
WhatsApp Image 2023 11 28 at 17.19.44 1
WhatsApp Image 2023 11 28 at 17.19.44
WhatsApp Image 2023 11 28 at 17.19.45 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?