වැලිපැන්නේ තරුණියක් අතුරුදන්

24 හැවිරිදි තරුණියක් අතුරුදන් ව තිබෙනවා.

වැලිපැන්න පොලිසිය පැවසුවේ පොලිස් ස්ථානයට ලැබුණු පැමිණිල්ලකට අනුව මේ වනවිට ඇය සොයා විමර්ශන ආරම්භ කර ඇති බවයි.

මෙම තරුණිය ජීවත් ව ඇත්තේ වැලිපැන්න පොලිස් වසමේ හිජ්රා මාවතේ වන අතර; ඇයගේ පියා විසිනුයි මෙම පැමිණිල්ල සිදු කර ඇත්තේ.

මෙලෙස අතුරුදන් ව ඇත්තේ මොහොමඩ් අමීන් ෆාතිමා අස්මියා නමැති තරුණියක්.

ඊයේ රාත්‍රියේ සිට මෙම තරුණිය අතුරුදන් බවට පැමිණිල්ලේ සඳහන් ව ඇති බවත්, ඇය නිවසේ පිටුපස දොරෙන් පිටව ගොස් ඇති බවත් මෙතෙක් කළ පරීක්ෂණවල දී තහවුරු ව තිබෙන බවයි පොලිසිය පැවසුවේ.

අතුරුදන් වූ තරුණියගේ බවට හඳුනාගත් සෙරෙප්පුවක් ද නිවස ආසන්නයේ පිහිටි වැලිපැන්න ඇළ ඉවුරේ තිබී සොයාගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18