spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වැලිපැන්නේ තරුණියක් අතුරුදන්

24 හැවිරිදි තරුණියක් අතුරුදන් ව තිබෙනවා.

වැලිපැන්න පොලිසිය පැවසුවේ පොලිස් ස්ථානයට ලැබුණු පැමිණිල්ලකට අනුව මේ වනවිට ඇය සොයා විමර්ශන ආරම්භ කර ඇති බවයි.

මෙම තරුණිය ජීවත් ව ඇත්තේ වැලිපැන්න පොලිස් වසමේ හිජ්රා මාවතේ වන අතර; ඇයගේ පියා විසිනුයි මෙම පැමිණිල්ල සිදු කර ඇත්තේ.

මෙලෙස අතුරුදන් ව ඇත්තේ මොහොමඩ් අමීන් ෆාතිමා අස්මියා නමැති තරුණියක්.

ඊයේ රාත්‍රියේ සිට මෙම තරුණිය අතුරුදන් බවට පැමිණිල්ලේ සඳහන් ව ඇති බවත්, ඇය නිවසේ පිටුපස දොරෙන් පිටව ගොස් ඇති බවත් මෙතෙක් කළ පරීක්ෂණවල දී තහවුරු ව තිබෙන බවයි පොලිසිය පැවසුවේ.

අතුරුදන් වූ තරුණියගේ බවට හඳුනාගත් සෙරෙප්පුවක් ද නිවස ආසන්නයේ පිහිටි වැලිපැන්න ඇළ ඉවුරේ තිබී සොයාගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?