ගුජරාටය රඳවා ගත් පාණ්ඩ්‍යාව ලොකු මුදලකට මුම්බායි ඉන්දියන්ස් මිල දී ගනී

ක්‍රිකට් ලෝලීන් බොහෝ දෙනා බලා සිටි හර්දික් පාණ්ඩ්‍යා නැවතත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එක්කර ගැනීමේ ගනුදෙනුව මේ වනවිට සම්පූර්ණ කර ඇති බව ක්‍රීක්බස් වෙබ් අඩවිය වාර්තා කරනවා.

2024 අයි.පී.එල් වෙන්දේසියට පෙර ක්‍රීඩකයින් මුදා හැරීමේ සහ රඳවා ගැනීමේ අවසන් දිනය වන අද (26) දිනයේ මුම්බායි ඉන්දියන්ස් සහ ගුජරාට් ටයිටන්ස් මෙම ගිවිසුම අත්සන් කර ඇති බවයි ක්‍රීක්බස් වෙබ් අඩවිය තහවුරු කරන්නේ.

මෙම තුන් ඉරියව් ක්‍රීඩකයාගේ ලීග් ගාස්තුව ඉන්දීය රුපියල් කෝටි 15ක් වනවා.

කෙසේ වෙතත් මෙම විශාල ගනුදෙනුවේ වටිනාකම පිළිබඳ තොරතුරු තවමත් අනාවරණය වී නොමැති බව එම වෙබ් අඩවිය සඳහන් කරනවා.

මෙම වෙළඳාම සඳහා විධිමත් අනුමැතියක් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සහ අයි.පී.එල් කමිටුව විසින් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර අද (26) පෙරවරුවේ අවසන් වූ ක්‍රීඩකයින් මුදාහැරීමේ සහ රඳවා ගැනීමේ ක්‍රියාවලියේ දී හර්දික් පාණ්ඩ්‍යා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමඟ රැඳී සිටින බවයි අනාවරණය වුණේ.

කෙසේ වෙතත් මේ වනවිට ක්‍රීක්බස් වෙබ් අඩවිය වාර්තා කරන ආකාරයට සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යාව ප්‍රකෝටිපති ඉන්දීය ව්‍යාපාරික මුකේෂ් අම්බානි විසින් සිය කණ්ඩායම වන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එක්කර ගැනීමට කටයුතු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14