විපක්ෂයට බලය ලබා ගැනීමට හැකි හොඳම මාර්ගය ආණ්ඩුව සමඟ එක්වීමයි – ජනපති

රට ගොඩනඟන්නේ අප වෙනුවෙන් නොව අනාගත පරපුර වෙනුවෙන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා.

නමුත් විපක්ෂය සිතන්නේ තමන් ගැන පමණක් බව පැවසූ ජනාධිපතිවරයා සඳහන් කළේ ඔවුන්ට බලය ලබා ගැනීමට හැකි හොඳම මාර්ගය ආණ්ඩුව සමඟ එක්වීම වන අතර ආණ්ඩුව සමඟ කටයුතු කර ලබා ගන්නා පළපුරුද්ද අනුව ඊළඟ මැතිවරණයකදී ආණ්ඩු බලය ලබා ගැනීමට ඔවුන්ට උත්සාහ කළ හැකි බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මාතලේ දිස්ත්‍රික් ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය සමඟ අද (25) පස්වරුවේ මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවති හමුවට එක්වෙමින්.

මාතලේ දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය සහ කම්කරු කොංග්‍රසයේ පළාත් පාලන නියෝජිතයන් මීට එක්ව සිටි අතර තමන් මුහුණ දී සිටින ගැටලු පිළිබඳවද ඔවුන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළා. එම ඇතැම් ගැටලුවලට එම අවස්ථාවේදීම විසඳුම් ලබාදීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබෙනවා.

පසුගිය ආර්ථික අභියෝගය හමුවේ රට භාර ගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවූ අතර ආණ්ඩු පක්ෂයේ ඉල්ලීම මත තමන් එම අභියෝගය භාරගත් බව පැවසු ජනාධිපතිවරයා එහිදී රටේ සියලු දේශපාලන පක්ෂ තමා වෙත ලබාදුන් සහායද කෘතවේදීව සිහිපත් කළා.

එසේ බාර ගත් රට නිවැරදි දිශානතියකට යොමු කරමින් ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමට හැකිවූ බවත්, වසර පහක් යනතුරු ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට නොහැකියැයි විපක්ෂයේ දේශපාලඥයන් පැවසුවත් මාස 16ක් වැනි කෙටි කාලයක් තුළ බංකොලොත්භාවයෙන් රට මුදවා ගැනීමට හැකි වූ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නා.

මෙම ආර්ථික අර්බුදයේ දී විපක්ෂයේ දේශපාලඥයන් ආණ්ඩුවට සහයෝගය දැක්වූවා නම් මීට මාස කිහිපයකට පෙර රට බංකොලොත්භාවයෙන් මුදවා ගැනීමට හැකිව තිබූ බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය විසින් මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ පැසසුමට ලක් කළ අතර ඉදිරියේදී එම වැඩපිළිවෙළට පූර්ණ සහාය ලබා දෙන බවද කියා සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

2021 පළමුව අපි රටක් ලෙස ආර්ථික ප්‍රශ්නයකට මුහුණ දුන්නා. 2022 එය උග්‍ර වී අර්බුදයක් බවට නිර්මාණය වුණා. රටේ සියලු කටයුතු ඇණ හිටියා. රටට මුදල් නැතිවුණා. ආදායම් අහිමි වුණා. ඒ සමගම සියලු සංවර්ධන ව්‍යාපෘති නැවතුණා. අප බංකොළොත් රටක් නිසා විදේශ රටවලින් දෙන ආධාරත් අහිමි වුණා.

එම අභියෝගකාරී අවස්ථාවේ රටේ වගකීම භාර ගැනීමට කිසිවෙකු ඉදිරිපත් වුණේ නැහැ. රටේ ප්‍රශ්න විසඳනවා කියපු අය මගහැරලා යද්දි මම එම වගකීම භාරගත්තා.

මට එහිදී දේශපාලනයෙන් තොරව සෑම පක්ෂයකම කණ්ඩායම් උදව් කළා. කොහොම හරි අපි එකට එකතුවෙලා මේ අභියෝගයට මුහුණ දෙමින් රට ඉදිරියට ගෙන ගියා.

එදා මම මෙම වගකීම භාරගත් අවස්ථාවේ බොහෝ අය කිව්වා මේ වැටුණු ආර්ථිකය යළි හදන්න අවුරුදු 04,05ක් යයි කියලා. මේකට විසඳුමක් නැහැ කියලා බොහෝ අය රටින් පිටවෙලා ගියා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මෙන්ම අනෙකුත් රටවල් සමග අප මේ වන විට සාකච්ඡා කරමින් සිටිනවා. ඒ අනුව මේ වසර අවසන්වන විට රට බංකොළොත්භාවය කියන ලේබලයෙන් නිදහස් කර ගැනීමට හැකි වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. මාස 16යි අපිට මේ කටයුතුවලට ගත වෙලා තිබෙන්නේ. විපක්ෂයත් අපට සහාය ලබා දුන්නානම් තව මාස දෙක තුනකට කළින් මෙය ඉටු කර ගැනීමට හැකිව තිබුණා.

අපි අසීරු ගමනක් ආවේ. කෙසේ හෝ ලබන වසරේ සිට රජයේ සේවකයන්ට රුපියල් 10,000ක දීමනාවක් ලබාදීමට අපට හැකිව තිබෙනවා. එසේ කළ හැකි වනු ඇතැයි කිසිවෙකු සිතුවේ නැහැ. ඒ වගේම සමෘද්ධිය වගේ තුන් ගුණයකින් අස්වැසුම දීමනාව වැඩි කළා. මේවා කළේ අසීරු අවස්ථාවකයි.ඒ වගේම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපෘති නඟා සිටුවීම වෙනුවෙන් මුදල් ලබාදීමට අප බලාපොරොත්තු වෙනවා.

මම එයින් නැවතුනේ නැහැ. මේ රටේ ජනතාව දුක් වින්දා. ඔවුන්ට හැකි තරම් සහන සලසා දීමටයි මම උත්සාහ කරන්නේ. ඒ වෙනුවෙන් රටේ දැවැන්ත කෘෂි නවීකරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. නවීකරණයේ ප්‍රථම පියවර අයිතියයි. ඒ අනුව ඉඩම් ආඥා පනතේ බලපත්‍ර තිබෙන අයට සින්නක්කර ඔප්පු ලබාදීමේ වැඩපිළිවෙළ ඉදිරි පෙබරවාරි මාසයේ ආරම්භ කරනවා. මේ කටයුතු දිස්ත්‍රික් සංවර්ධන කමිටු වෙත භාරදීමට මම උපදෙස් දී තිබෙනවා. මේ වැඩපිළිවෙළට මම සියලුදෙනාගේ සහාය බලාපොරොත්තු වෙනවා. මෙය කිසිවෙකුට කරන්න බැරි වූ දෙයක්. අනිත් අය කතා කළා පමණයි. නමුත් අපි සියලුදෙනා එකතුවෙලා මෙය ක්‍රියාත්මක කළා.

අපි මේ රටේ තරුණ පරපුරට හොඳ අනාගතයක් ගොඩනඟා දිය යුතුයි. අපි වෙනුවෙන් නොවෙයි අපේ දරුවන් වෙනුවෙන්, දරුවන්ගේ දරුවන් වෙනුවෙන් හොඳ රටක් නිර්මාණය කළ යුතුයි. අපි ඔවුන් වෙනුවෙන් මේ රට ගොඩනඟමු. නමුත් විපක්ෂය බලන්නේ තමන් ගැන විතරයි. කොහොමද බලය ගන්නේ කියලා ඔවුන් කල්පනා කරනවා. මම ඔවුන්ට කියන්නේ බලය ගන්න හොඳම දේ තමයි අපිත් එක්ක එකතුවීම කියලා. අපේ පළපුරුද්ද ලබාගත්තට පස්සේ ඊළග පාර බලය ගන්න උත්සාහ කරන්න කියලා මම ඔවුන්ට කියනවා. අපි සියලුදෙනා එකතුවෙලා රට ගොඩනඟමින් ඉදිරියට යමු.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18