දිස්ත්‍රික්ක කිහිපයකට අද දිනයේත් වැසි

සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක අද (25) පස්වරු 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එමෙන්ම උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් අද (25) දිනය තුළ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවයි දැනුම් දෙන්නේ.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවමකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ජනතාවට එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?