එක්දින සහ 20-20 තරගාවලියක් වෙනුවෙන් සිම්බාබ්වේ කණ්ඩායම ජනවාරියේ ලංකාවට

එක්දින සහ විස්සයි විස්ස තරගාවලියක් වෙනුවෙන් සිම්බාබ්වේ කණ්ඩායම ලබන වසරේ ජනවාරි මාසයේ මෙරට සංචාරය කිරීමට නියමිතයි.

සිම්බාබ්වේ කණ්ඩායමේ මෙම තරග සංචාරය තුළ එක්දින තරග තුනක් සහ විස්සයි විස්ස තරග තුනක් පැවැත්වීමට නියමිත බවයි වාර්තා වුණේ.

ඒ, අනුව එක්දින තරගාවලිය ජනවාරි මස 06 වනදා දිවා රාත්‍රී තරගයක් ලෙස පල්ලේකැලේ ජාත්‍යනතර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

දෙවන සහ තුන්වන එක්දින තරග ද දිවා රාත්‍රී තරග ලෙස පල්ලේකැලේ ජාත්‍යනතර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ජනවාරි 08 සහ 11 යන දිනවල දී පැවැත්වීමට නියමිතයි.

මේ අතර මෙම තරගාවලිය තුළ යළිත් රංගිරි දඹුලු ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ජාත්‍යන්තර තරග පැවැත්වීමට තීරණය කර තිබීම ද විශේෂත්වයක්.

ඒ, අනුව සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ සියලු තරග රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

විස්සයි විස්ස තරගාවලියේ තරග තුන ලබන ජනවාරි 14,16 සහ 18 යන දිනයන්වල දී පැවැත්වීමට නියමිත අතර, දිවා රාත්‍රී තරග ලෙසයි මෙම තරග පැවැත්වෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
0
+1
17
+1
1
+1
2
+1
4
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?