එක්දින සහ 20-20 තරගාවලියක් වෙනුවෙන් සිම්බාබ්වේ කණ්ඩායම ජනවාරියේ ලංකාවට

එක්දින සහ විස්සයි විස්ස තරගාවලියක් වෙනුවෙන් සිම්බාබ්වේ කණ්ඩායම ලබන වසරේ ජනවාරි මාසයේ මෙරට සංචාරය කිරීමට නියමිතයි.

සිම්බාබ්වේ කණ්ඩායමේ මෙම තරග සංචාරය තුළ එක්දින තරග තුනක් සහ විස්සයි විස්ස තරග තුනක් පැවැත්වීමට නියමිත බවයි වාර්තා වුණේ.

ඒ, අනුව එක්දින තරගාවලිය ජනවාරි මස 06 වනදා දිවා රාත්‍රී තරගයක් ලෙස පල්ලේකැලේ ජාත්‍යනතර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

දෙවන සහ තුන්වන එක්දින තරග ද දිවා රාත්‍රී තරග ලෙස පල්ලේකැලේ ජාත්‍යනතර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ජනවාරි 08 සහ 11 යන දිනවල දී පැවැත්වීමට නියමිතයි.

මේ අතර මෙම තරගාවලිය තුළ යළිත් රංගිරි දඹුලු ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ජාත්‍යන්තර තරග පැවැත්වීමට තීරණය කර තිබීම ද විශේෂත්වයක්.

ඒ, අනුව සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ සියලු තරග රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

විස්සයි විස්ස තරගාවලියේ තරග තුන ලබන ජනවාරි 14,16 සහ 18 යන දිනයන්වල දී පැවැත්වීමට නියමිත අතර, දිවා රාත්‍රී තරග ලෙසයි මෙම තරග පැවැත්වෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14