පසුගිය දින කිහිපය තුළ ජලාශ ආශ්‍රිතව අධික වර්ෂාපතනයක් පතිත වී තිබීම හේතුවෙන් ඊයේ (23) දිනය වන විට දිවයින පුරා ඇති සියලුම ජලාශවල සමස්ත ජල ධාරිතාව 96%ක් දකවා පිරී පවතින බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත සඳහන් කරනවා.
අද (24) දිනයේ මාධ්‍ය හමුවක් පවත්වමින් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ මේ වනවිට සමස්ත විදුලි ජනනයෙන් ජල විදුලිය නිෂ්පාදනය 65%ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
මෙලෙස ජල විදුලි නිෂ්පාදන ධාරිතාව ඉහළ යාමත් සමඟ ඉදිරියේ දී විදුලි බිලේ සංශෝධනයක් කරා යාමට වැඩි අවස්ථාවක් පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
ඒ, අනුව මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීමට කටයුතු කරන බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම මාධ්‍ය හමුවේ දී පැවසුවා.














110% K MA HYDRO POWER ON KARANNA HAKIYI. OKKOMA THERMAL, DIESEL, COAL SHUTDOWN KARANNA. HEMA EKAMA OVER SILL WENA WATHURA WALIN ELECTRICITY HADANNA. JANAUARY PAHU WENAKAM WESSA THIYENAWA. EKE WASIYA CEB EKA GOVT EKA CENTRAL BANK EKA GANNAWA WAGEMA CONSUMER TATH DENNA.