පුහුණුකරුවන්ගේ රැස්වීමකදීත් ශ්‍රී ලංකා කණ්ඩායම ගැන උණුසුම් වාද විවාද

පසුගියදා අවසන් වූ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දුර්වල ක්‍රීඩා රටාව සම්බන්ධයෙන් ඇතිවූ මත ගැටුම් මේ දක්වාත් අවසන් වී නැහැ.

ඊයේ සවස කොළඹ කෙත්තාරාම ක්‍රීඩාංගණයේ පැවති ජාතික පුහුණුකරුවන්ගේ රැස්වීමක් අතරමැද දීත් මේ ගැටලුව නැවතත් ඉස්මතු වී තිබෙනවා.

එම රැස්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වූඩ් සහ උසස් දක්ෂතා අංශය ප්‍රධානී ටිම් මැක්ස්කිල් ද එකතු වී සිටියා.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ දේශීය පුහුණුකරුවන් සහ විදේශීය පුහුණුකරුවන් අතර උණුසුම් වාද විවාද ඇති වී තිබෙනවා.

අවසානයේ මේ තත්ත්වය ගැටුමක් ඇති වීමට ආසන්න තත්ත්වයක් දක්වා වර්ධනය වූ බවයි ක්‍රීඩාංගණ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් මේ අවස්ථාවේ එම උණුසුම් මත ගැටුමට මැදි වූ මහේල ජයවර්ධන ද අදාළ පාර්ශවයන්ට බරපතල ලෙස දෝෂාරෝපණය කර ඇති බව වාර්තා වනවා.

මෙම රැස්වීමේදී පන්දු රැකීමේ පුහුණුකරු විසින් ලෝක කුසලාන තරගාවලියේ අන්ත පරාජයට වගකිව යුත්තේ දුර්වල පිතිකරණය බවට චෝදනා කර ඇති අතර එහි වගකීම නවීඩ් නවාස් විසින් බාරගත යුතු බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

මෙලෙස පිතිකරණ පුහුණුකරුට චෝදනා කරන පන්දු රැකීමේ පුහුණුකරු වගකීම් දැරු ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලිය තුලදී වැඩිම උඩපන්දු සංඛ්‍යාවක් අතහැරි කණ්ඩායම ලෙස වාර්තාවක් ද පිහිටවනු ලැබුවා.

සමස්ත ලෝක කුසලාන තරගාවලිය තුළදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රකින්නන් විසින් අතහැර දැමූ උඩපන්දු සංඛ්‍යාව 22ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
17
+1
3
+1
3
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ළමයින්ගේ තොරතුරු ඉල්ලන කිසිම කෙනෙක්ට තොරතුරු දෙන්න එපා..වැරදි අය අතට තොරතුරු ගියොත් ළමයි අනතුරේ
02:56
Video thumbnail
මෙන්න ඉදිරියේදි කාළගුණයෙන් වෙන්න ‍යන බලපෑම..රතු නිවේදන දෙන හැම තැනකින්ම ඉක්මනින් ඉවත් වෙන්න..
03:58
Video thumbnail
ජනපති ඇතුළු පාපිසි 159ටම හිරේ යන්න වෙනවා
08:03
Video thumbnail
දිට්වා හානි කළ දේපළ වෙනුවෙන් වන්දි ලබා දීමට විශේෂ වැඩපිළිවෙලක්
05:20
Video thumbnail
ජනාධිපතිතුමා සත්‍යයට බයයි - මර්දනය කරන්න හදනවා
05:17
Video thumbnail
රාජ්‍ය නිළධාරින් මැලි වීම ගැන හදුන්නෙත්ති කනස්සලු වෙයි..
03:33
Video thumbnail
පුත්තලම බේලි පාලම බලන්න යුද හමුදාධිපති එයි
01:39
Video thumbnail
මිලියන 250 විතරක් අරගෙන හිනාවෙල ඉන්න එපා..දැන්වත් විහිළු කරන එක නවත්තලා මිනිස්සු ගම්වලට යවන්න
08:49
Video thumbnail
කලා වැවේ ජල මට්ටම ඉහළට..අවුකන පාලම හා හඳුන්ගමුව පාලමත් ජලයෙන් වැසී ගිහින්
01:36
Video thumbnail
හැමෝම ෆුල් හොල්මන් වුණ හඳුන්නෙත්තිගේ ඇමතුම..?ඇයි මාතර තියෙන්නේ ලංකාවේ නෙවෙයි ද
03:19


?