විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඉදිරි පියවර ගැන විශේෂ සාකච්ඡාවක්

විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යාංශයේ සහ කමිටුවේ නිලධාරීන් සමග ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලේ ඉදිරි පියවර සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යවරයා විසින් විශේෂ සාකච්ඡාවක් සිදු කර තිබෙනවා.

ආසියානු සංවර්ධන බැංකුව විසින් ඉන්දීය මධ්‍යම විදුලිබල අධිකාරියේ හිටපු සභාපති ආචාර්ය පන්කජ් බාත්‍රා යි මෙරට විදුලිබල ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසහනට සහය පලකිරීම සදහා අනුයුක්ත කර ඇත්තේ.

ඔහු සමග කොළඹ විශ්වවිද්‍යාලයීය මානව සම්පත් කළමණාකාරන අංශයේ මහාචාර්ය අරෝශා අධිකාරම් මහත්මිය, මානව සම්පත් කළමණාකාර කටයුතු වෙනුවෙන් සහය ලබා දීම වෙනුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවේ ආයතනික ශක්තිමත් කිරීමේ උපදේශකයවරයෙකු වන ඩබාසිස් මහපත්‍රා මහතාගේ සහාය ද ලබා දී තිබෙනවා.

ගැසට් කර පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීමට පෙර කැබිනට් මණ්ඩලය අනුමත කළ නව විදුලිබල පනත සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන්, ආසියානු සංවර්ධන බැංකුව ,ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය, ලෝක බැංකුව සහ ඇමෙරිකානු ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය ඇතුළු සංවර්ධන නියෝජිත ආයතනවල නිරීක්ෂණ සහ ව්‍යවස්ථානුකුලව අවශ්‍ය රෙගුලාසි සකස් කිරීමට සහ පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව, අයක්‍රමය සැකසීමේ නීති සහ පනතේ සිංහල පරිවර්තනයේ සිදුවිය යුතු වෙනස්කම් මෙහිදී සාකච්ඡා කරනු ලැබුවා.

පසුගිය සඳුදා කැබිනට් මණ්ඩල රැස්වීමේදී විදුලිබල මණ්ඩලයේ යෝජිත ප්‍රතිව්‍යුහගත වැඩපිළිවෙල ක්‍රියාත්මක කීරීම සඳහා අනුමැතිය හිමිවූ අතර ඒ අනුව නව විදුලිබල පනත සම්මත කිරීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුවසැරිය සේවක‍යින් මහ පාරට බහියි - ආණ්ඩුව ආවට පස්සේ සුවසැරියේ තියෙන්නේ මිලිටරි පාලනයක්
07:16
Video thumbnail
විනාශවුණ වැඩිහිටි නිවාසය බලන්න ආ මන්ත්‍රී රෝහිත සංවේදී වී බලාගෙන හිටපු හැටි
01:25
Video thumbnail
වැඩිහිටි නිවාසයේ රාජකාරිය කළ පුද්ගලයෙක් සිදුවූ සියල්ල එළියට දායි - "ගින්න ඇතිවුණේ මෙට්ට ටිකෙන්"
01:18
Video thumbnail
එකට සිටි පිරිස දාලා යන්න බැරිව නිවාසයේ සිටි මව්වරුන් හඬා වැටෙයි - "අනේ මට යන්න බෑ..මාව බේරගන්න.."
02:32
Video thumbnail
නිවසේ තිබූ සිරුරු එළියට ගෙන රැගෙන යයි - "සෙනෙහසේ කැඳැල්ලේ" නවතම තොරතුරු මෙන්න
02:31
Video thumbnail
වැඩිහිටි නිවාසයේ සිටි පිරිසගේ ඥාතීන් කළ හෙළිදරව්ව - හැම මාසෙම 35000 ගානේ සල්ලි දානවා
01:35
Video thumbnail
ගසක් වැටී සිදුවූ බිහිසුණු අනතුර දැකපු කෙනෙක් සියල්ල හෙළිකරයි - පවුලේ අය දුක දරාගන්න බැරිව හඬා වැටෙයි
01:50
Video thumbnail
හෙල්මට්වත් දාන්නේ නැතුව තනි ඉරත් කපාගෙන බයික් එකේ යන හැටි - එකදිගට වැරදි තුනක්
00:39
Video thumbnail
අනුරට රටේ ජනපතිකම ලැබිලා තියෙන්නෙත් අතපසුවීමකින් - තිස්සකුට්ටි ආණ්ඩුවට සැරටම අමතයි
03:21
Video thumbnail
බඹර ප්‍රහා _ රයට ලක්වී සිසුන් 40ක් රෝහල් ගතකෙරේ - බඹරුන්ගෙන් බේරෙන්න ළමයි හතර අතේ දුවයි
01:39