spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඉදිරි පියවර ගැන විශේෂ සාකච්ඡාවක්

විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යාංශයේ සහ කමිටුවේ නිලධාරීන් සමග ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලේ ඉදිරි පියවර සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යවරයා විසින් විශේෂ සාකච්ඡාවක් සිදු කර තිබෙනවා.

ආසියානු සංවර්ධන බැංකුව විසින් ඉන්දීය මධ්‍යම විදුලිබල අධිකාරියේ හිටපු සභාපති ආචාර්ය පන්කජ් බාත්‍රා යි මෙරට විදුලිබල ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසහනට සහය පලකිරීම සදහා අනුයුක්ත කර ඇත්තේ.

ඔහු සමග කොළඹ විශ්වවිද්‍යාලයීය මානව සම්පත් කළමණාකාරන අංශයේ මහාචාර්ය අරෝශා අධිකාරම් මහත්මිය, මානව සම්පත් කළමණාකාර කටයුතු වෙනුවෙන් සහය ලබා දීම වෙනුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවේ ආයතනික ශක්තිමත් කිරීමේ උපදේශකයවරයෙකු වන ඩබාසිස් මහපත්‍රා මහතාගේ සහාය ද ලබා දී තිබෙනවා.

ගැසට් කර පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීමට පෙර කැබිනට් මණ්ඩලය අනුමත කළ නව විදුලිබල පනත සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන්, ආසියානු සංවර්ධන බැංකුව ,ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය, ලෝක බැංකුව සහ ඇමෙරිකානු ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය ඇතුළු සංවර්ධන නියෝජිත ආයතනවල නිරීක්ෂණ සහ ව්‍යවස්ථානුකුලව අවශ්‍ය රෙගුලාසි සකස් කිරීමට සහ පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව, අයක්‍රමය සැකසීමේ නීති සහ පනතේ සිංහල පරිවර්තනයේ සිදුවිය යුතු වෙනස්කම් මෙහිදී සාකච්ඡා කරනු ලැබුවා.

පසුගිය සඳුදා කැබිනට් මණ්ඩල රැස්වීමේදී විදුලිබල මණ්ඩලයේ යෝජිත ප්‍රතිව්‍යුහගත වැඩපිළිවෙල ක්‍රියාත්මක කීරීම සඳහා අනුමැතිය හිමිවූ අතර ඒ අනුව නව විදුලිබල පනත සම්මත කිරීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?