කතානායකගෙන් මැති ඇමතිවරුන්ට දැනුම්දීමක්

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පුනර්ජීවනය සඳහා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදය ඇතුළු නව සංසද 3ක් නම් කර තිබෙනවා.

පසුගිය 20 වනදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේ දී පාර්ලිමේන්තු සංසද තුනක් ස්ථාපිත කිරීම සඳහා අනුමතිය හිමි වී ඇති බවයි කථානායකවරයා දැනුම් දුන්නේ.

විපක්ෂ නායක විසින් කරන ලද ඉල්ලීම පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පුනර්ජීවනය සඳහා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයක් ආරම්භ කිරීම, වසන්ත යාපා බණ්ඩාර සහ පිළිවෙළින් වෙනත් මන්ත්‍රීවරයන් 14 දෙනෙකු සහ 12 දෙනෙකු විසින් වෙන වෙනම කරන ලද ඉල්ලීම් පරිදි “කඳුකරය සුරැකීම” සහ “මානව හිමිකම්” පිළිබඳව පාර්ලිමේන්තු සංසද දෙකක් ආරම්භ කිරීම ඊට අයත්.

මේ අතර විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සභා ගර්භය තුළ අසුන් ගැනීම සම්බන්ධයෙන් ද කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබුවා.

2024 වර්ෂය සඳහා විසර්ජන පනත් කෙටුම්පත සලකා බැලීම වෙනුවෙන් කාරක සභා අවස්ථාවේ විවාදය අද ආරම්භ වන බැවින් පූර්ණ පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේ විවාදයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සභා ගර්භය තුළ අසුන් ගැනීම පිළිබඳ රීති සම්බන්ධයෙන් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ දැන ගැනීම සහ අවධානය සඳහායි කථානායකවරයා පාර්ලිමේන්තුවට නිවේදනය කළේ.

ඒ අනුව සාම්ප්‍රදායිකව අයවැය කාරක සභා අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍යවරයාට, තම කැබිනට් අමාත්‍යවරයා ආසන්නයේ අසුන්ගත හැකි වුව ද, විවාදයේදී කථා කිරීම වෙන්කරන ලද අසුනේ සිට පමණක් සිදු කළ යුතු බව කථානායකවරයා දැනුම් දෙනු ලැබුවා.

මේ අතර 2024 අයවැය කාරක සභා අවස්ථාවේ වැඩසටහනෙහි පරිසර අමාත්‍යාංශයේ, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ අමාත්‍යාංශ වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතව තිබූ දින සංශෝධනය කර තිබෙන බැවින් එම ප්‍රතිශෝධිත දින පිළිබඳව කථානායකවරයා සභාව දැනුවත් කළා.

ඒ අනුව;

• 2023 නොවැම්බර් 27 සඳුදා විවාදයට ගැනීමට නියමිතව තිබූ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ වැය ශීර්ෂ 2023 දෙසැම්බර් 02 සෙනසුරාදා දිනද;

• 2023 දෙසැම්බර් 02 සෙනසුරාදා විවාදයට ගැනීමට නියමිතව තිබූ අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ 2023 දෙසැම්බර් 05 අඟහරුවාදා දිනද;

• 2023 දෙසැම්බර් 05 අඟහරුවාදා විවාදයට ගැනීමට නියමිතව තිබූ පරිසර අමාත්‍යාංශයේ සහ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ වැය ශීර්ෂ 2023 නොවැම්බර් 27 සඳුදා දිනද;

විවාදයට ගැනීමට නියමිත අතර සංශෝධන ඇතුළත් ලිපියක පිටපතක් සෑම මන්ත්‍රීවරයෙකුගේම සභා මේසය මත මේ වනවිටත් තබා තිබෙන බව කථානායකවරයා සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18