උඩරට දුම්රිය ගමන්වලට බාධාවක්

දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් බදුල්ල – කොළඹ කොටුව මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර මාර්ගයට විශාල පස් කන්දක් අද (22) අලුයම කඩා වැටී ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පවතින අධික වර්ෂාවත් සමඟ පස් කන්ද කඩා වැටී ඇති අතර මේ හේතුවෙන් කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රිය දැනට ඔහිය දුම්රිය ස්ථානයේ නතර කර තිබෙනවා.

බදුල්ල සිට කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කළ පොඩිමැණිකේ දුම්රිය හපුතලේ දුම්රිය ස්ථානයේ නතර කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ

දුම්රිය මාර්ගයට කඩා වැටී ඇති පස් කන්ද ඉවත් කිරීමට කටයුතු සිදු කෙරෙමින් පවතිනවා.

මේ හේතුවෙන් බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය අද (22) දිනයේ ප්‍රමාද වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09