spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

උඩරට දුම්රිය ගමන්වලට බාධාවක්

දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් බදුල්ල – කොළඹ කොටුව මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර මාර්ගයට විශාල පස් කන්දක් අද (22) අලුයම කඩා වැටී ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පවතින අධික වර්ෂාවත් සමඟ පස් කන්ද කඩා වැටී ඇති අතර මේ හේතුවෙන් කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රිය දැනට ඔහිය දුම්රිය ස්ථානයේ නතර කර තිබෙනවා.

බදුල්ල සිට කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කළ පොඩිමැණිකේ දුම්රිය හපුතලේ දුම්රිය ස්ථානයේ නතර කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ

දුම්රිය මාර්ගයට කඩා වැටී ඇති පස් කන්ද ඉවත් කිරීමට කටයුතු සිදු කෙරෙමින් පවතිනවා.

මේ හේතුවෙන් බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය අද (22) දිනයේ ප්‍රමාද වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?