AFC Banner
Empty Ad
Empty Ad

සනත් නිශාන්තට සති දෙකක් පාර්ලිමේන්තුව තහනම් (වීඩියෝ)

රාජ්‍ය ඇමති සනත් නිශාන්තගේ පාර්ලිමේන්තු සේවය සති දෙකක කාලයකට අත්හිටුවා තිබෙනවා.

අද පාර්ලිමේන්තුව ආරම්භයේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනුයි කතානායකවරයා මේබව කියාසිටියේ.

කතානායකවරයා සඳහන් කළේ ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ සිදුවූ තත්ත්වය තමා තරගයේ හෙළා දකින බවයි. ඒ අනුව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල තමාට පැවරී ඇති බලතල අනුව සනත් නිශාන්තගේ පාර්ලිමේන්තු සේවය අද දින සිට සති දෙකක කාලයකට අත්හිටුවන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන කියාසිටියා.

ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා සිදු කළ කතාවට පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු බාධා කර තිබුණා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත කඩා වැදී ඇති අතර, කතාවට බාධා කරමින් දිගින් දිගටම අදහස් පළ කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
8
+1
0
+1
0
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?