සනත් නිශාන්තට සති දෙකක් පාර්ලිමේන්තුව තහනම් (වීඩියෝ)

රාජ්‍ය ඇමති සනත් නිශාන්තගේ පාර්ලිමේන්තු සේවය සති දෙකක කාලයකට අත්හිටුවා තිබෙනවා.

අද පාර්ලිමේන්තුව ආරම්භයේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනුයි කතානායකවරයා මේබව කියාසිටියේ.

කතානායකවරයා සඳහන් කළේ ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ සිදුවූ තත්ත්වය තමා තරගයේ හෙළා දකින බවයි. ඒ අනුව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල තමාට පැවරී ඇති බලතල අනුව සනත් නිශාන්තගේ පාර්ලිමේන්තු සේවය අද දින සිට සති දෙකක කාලයකට අත්හිටුවන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන කියාසිටියා.

ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා සිදු කළ කතාවට පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු බාධා කර තිබුණා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත කඩා වැදී ඇති අතර, කතාවට බාධා කරමින් දිගින් දිගටම අදහස් පළ කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11