බදුල්ල කොළඹ පාර අවහිර වෙයි (වීඩියෝ)

නාය යාමක් හේතුවෙන් කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගය බලංගොඩ සීලගම ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන් අවහිර වී තිබෙනවා.

එම මාර්ගයේ 153 වන කිලෝමීටර් කණුව අසල ප්‍රදේශයේදී අද අලුයම විශාල පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් ගමනාගමනය සම්පූර්ණයෙන් ඇනහිට ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පැවති අධික වර්ෂාපතනයත් සමග මෙම නාය යාම සිදුව ඇති අතර විශාල ගල් සමග පස් කඩා වැටීම හේතුවෙන් මාර්ගයේ මංතීරු දෙකම සම්පූර්ණයෙන් අවහිර වී තිබෙනවා.

පවතින වැසි තත්ත්වය සමග තවත් පස් සහ ගල් කඩා වැටීමේ අවදානම හේතුවෙන් කඩා වැටුණු පස් ඉවත් කිරීමට නොහැකි වී ඇති බව සඳහන්.

පොලිසිය රියදුරන්ට සහ මහ ජනතාවට දැනුම් දෙන්නේ මාර්ගය යථා තත්වයට පත් කරන තෙක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි.

මේ අතර පස්සර නමුනුකුළ හරහා ඇල්ලට යන මාර්ගයේ කනවරැල්ල 16 කණුව හා 20 කණුව අතර ප්‍රදේශයේ ස්ථාන කීපයකට ඊයේ (21) පස්වරුවේ පැවැති අධික වර්ෂාව සමග පස් ගල්හා ගස් කඩා වැටීමෙන් අවහිරවී තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ මේ හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනය මුළු මනින්ම ඇනහිට ඇති බවයි.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි පස්සර පොලිසිය දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?