බදුල්ල කොළඹ පාර අවහිර වෙයි (වීඩියෝ)

නාය යාමක් හේතුවෙන් කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගය බලංගොඩ සීලගම ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන් අවහිර වී තිබෙනවා.

එම මාර්ගයේ 153 වන කිලෝමීටර් කණුව අසල ප්‍රදේශයේදී අද අලුයම විශාල පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් ගමනාගමනය සම්පූර්ණයෙන් ඇනහිට ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පැවති අධික වර්ෂාපතනයත් සමග මෙම නාය යාම සිදුව ඇති අතර විශාල ගල් සමග පස් කඩා වැටීම හේතුවෙන් මාර්ගයේ මංතීරු දෙකම සම්පූර්ණයෙන් අවහිර වී තිබෙනවා.

පවතින වැසි තත්ත්වය සමග තවත් පස් සහ ගල් කඩා වැටීමේ අවදානම හේතුවෙන් කඩා වැටුණු පස් ඉවත් කිරීමට නොහැකි වී ඇති බව සඳහන්.

පොලිසිය රියදුරන්ට සහ මහ ජනතාවට දැනුම් දෙන්නේ මාර්ගය යථා තත්වයට පත් කරන තෙක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි.

මේ අතර පස්සර නමුනුකුළ හරහා ඇල්ලට යන මාර්ගයේ කනවරැල්ල 16 කණුව හා 20 කණුව අතර ප්‍රදේශයේ ස්ථාන කීපයකට ඊයේ (21) පස්වරුවේ පැවැති අධික වර්ෂාව සමග පස් ගල්හා ගස් කඩා වැටීමෙන් අවහිරවී තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ මේ හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනය මුළු මනින්ම ඇනහිට ඇති බවයි.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි පස්සර පොලිසිය දැනුම් දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකාවේ සෑම ස්ථානයකටම ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තතු මෙන්න
02:55
Video thumbnail
දුම්රිය රියදුරු හිඟය මත කිසිදු දුම්රියක් අවලංගු වුණේ නෑ - මෑත කාලයේ කරපු අසාර්ථකම වර්ජනය මේක
06:45
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ලාල්කාන්ත කට අරියි - වැඩවර්ජන කරන්න ඇති තරම් ඉඩ තියෙනවා..
03:01
Video thumbnail
දැන් වාහන මිල සෑහෙන්න අඩුවෙලා - වාහන ගන්නවානම් හොඳ අවස්ථාවක් මේ
02:36
Video thumbnail
කෝච්චි එන්ජිමේ එල්ලිලා ආපු අය කිව්ව දේ - පාලකයෝ හරියට ඉන්න ඕන හදන්නනම් - ටිකට් කඩන් නෑ හොදයි
01:28
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - ගොඩක් අඩුයි කෝච්චි - සියලු දේම අඩාලයි..බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
04:25
Video thumbnail
පාවිච්චි කළ වාහන ගෙන්වන එකද ලාභ Brand New වාහන ගේන එකද ?
05:46
Video thumbnail
ශ්‍රී ලංකාව කලාපීය මූල්‍ය තාක්ෂණ මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතු බව සජිත් කියයි
02:47
Video thumbnail
ජල ගැල්මට ලක්වූ නිවාසවල ජනතාවට පිසු ආහාර ලබා දීමේ උතුම් ක්‍රියාව
01:59
Video thumbnail
මාරක අනතුරෙන් පසු එහි උණුසුම් තත්ත්වයක් - මූ හිඟාකන්න දාන්න ඕනි..කීදෙනෙක් මැ#ලද බලපන් ?
02:10