2022 වසරේ සා/පෙළ ප්‍රතිඵල නොබෝ දිනකින්

2022 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල තවත් දින කිහිපයක් තුළ නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා.

අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ; ප්‍රතිඵල නිකුත් කිරීමේ පියවරවල අවසන් අදියර මේ වනවිට ක්‍රියාත්මක බවයි.

රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ පසුගිය කාලයේ දී ඇති වූ විවිධ අර්බුද හේතුවෙන් දරුවන්ගේ විභාග පසුපසට ගිය බවත් පෙන්වාදෙන අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ගැන ද අදහස් දැක්වූවා.

අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මීට කිසිදු අවස්ථාවක මාසයක් තුළ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කර නොමැති බවයි.

එමෙන්ම අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවත්, එම ප්‍රතිඵල මාස 03ක් විභාග උත්තර පත්‍ර පරීක්ෂණ කටයුතු ප්‍රමාද වීම හේතුවෙන් සිදු වූ බව ද පෙන්වා දුන්නා.

එම ගැටලුව පැන නොනැංගේ නම්; මෙම මස අග වනවිට උසස් පෙළ විභාගය ද පැවැත්වීමේ හැකියාවක් තිබූ බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
6
+1
13
+1
5
+1
9
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?