නාය යාමකින් මාර්ගයක් සම්පූර්ණයෙන් වැසේ

පන්විල කබරගල ප්‍රධාන මාර්ගයේ හාතලේ ප්‍රදේශයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන් ඇනහිට තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ඊයේ රාත්‍රී කාලයේ පැවති අධික වර්ෂාව හේතුවෙන් මෙම පස් කඳු කඩා වැටීම සිදුවී ඇති බවයි.

ඒ ආසන්නයේ අවදානම් ලෙස පිහිටි නිවාස දෙකක පදිංචිකරුවන් 8 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට ද කටයුතු කර තිබෙනවා.

මාර්ගය අවහිර වීම හේතුවෙන් පන්විල සිට කබරගල දෙසට ගමන් ගන්න රථ වාහනවලට නාරම්පනාව, අරත්තන, මඩොල්කැලේ හරහා කබරගල දෙසට ගමන් කළ හැකියි.

කබරගල සිට පන්විල දෙසට ගමන් කරන වාහනවලට මඩොල්කැලේ, අරත්තන, නාරම්පනාව හරහා පන්විල දෙසට ගමන් කළ හැකි බවයි පොලිසිය සඳහන් කළේ.

අවහිර වූ මාර්ගය යථා තත්ත්වයට පත් කරන තෙක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

මේ අතර වැලිමඩ බදුල්ල මාර්ගයේ පුහුල්පොල ජලාශය අසල මාර්ගයට විශාල ගල් සහිත පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගය තවදුරටත් අවහිරව පවතිනවා. මාර්ගය වසා දමා ඇති අතර නුවරඑළිය දෙසට සහ වැලිමඩ දෙසට ගමන් ගන්නා රථ වාහනවලට විකල්ප මාර්ගයක් ලෙසට බණ්ඩාරවෙල බදුල්ල මාර්ගය භාවිත කරන ලෙසටයි පොලිසිය දැනුම් දෙන්නේ.

මේ අතර ඊයේ පස්වරුවේ සිට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාපතනය සමග කොස්ලන්ද වැල්ලවාය ප්‍රධාන මාර්ගයට කොස්ලන්ද ගම්පහ ප්‍රදේශයෙන් විශාල ගසක් කඩා වැටීමෙන් ගමනාගමනයට බධා එල්ල වී තිබෙනවා.

ඊයේ රාත්‍රී කඩා වැටුණු ගස අද අලුයම දක්වා මාර්ගය හරහා වැටී තිබූ අතර මේ හේතුවෙන් අද අලුයම වන විටත් මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම නතර වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අද අලුයම කාලයේ දී ගස ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර අතර තවමත් මාර්ගයේ ගමනාගමනය යථා තත්වයට පත් වී නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51