නාය යාමකින් මාර්ගයක් සම්පූර්ණයෙන් වැසේ

පන්විල කබරගල ප්‍රධාන මාර්ගයේ හාතලේ ප්‍රදේශයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන් ඇනහිට තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ඊයේ රාත්‍රී කාලයේ පැවති අධික වර්ෂාව හේතුවෙන් මෙම පස් කඳු කඩා වැටීම සිදුවී ඇති බවයි.

ඒ ආසන්නයේ අවදානම් ලෙස පිහිටි නිවාස දෙකක පදිංචිකරුවන් 8 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට ද කටයුතු කර තිබෙනවා.

මාර්ගය අවහිර වීම හේතුවෙන් පන්විල සිට කබරගල දෙසට ගමන් ගන්න රථ වාහනවලට නාරම්පනාව, අරත්තන, මඩොල්කැලේ හරහා කබරගල දෙසට ගමන් කළ හැකියි.

කබරගල සිට පන්විල දෙසට ගමන් කරන වාහනවලට මඩොල්කැලේ, අරත්තන, නාරම්පනාව හරහා පන්විල දෙසට ගමන් කළ හැකි බවයි පොලිසිය සඳහන් කළේ.

අවහිර වූ මාර්ගය යථා තත්ත්වයට පත් කරන තෙක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

මේ අතර වැලිමඩ බදුල්ල මාර්ගයේ පුහුල්පොල ජලාශය අසල මාර්ගයට විශාල ගල් සහිත පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගය තවදුරටත් අවහිරව පවතිනවා. මාර්ගය වසා දමා ඇති අතර නුවරඑළිය දෙසට සහ වැලිමඩ දෙසට ගමන් ගන්නා රථ වාහනවලට විකල්ප මාර්ගයක් ලෙසට බණ්ඩාරවෙල බදුල්ල මාර්ගය භාවිත කරන ලෙසටයි පොලිසිය දැනුම් දෙන්නේ.

මේ අතර ඊයේ පස්වරුවේ සිට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාපතනය සමග කොස්ලන්ද වැල්ලවාය ප්‍රධාන මාර්ගයට කොස්ලන්ද ගම්පහ ප්‍රදේශයෙන් විශාල ගසක් කඩා වැටීමෙන් ගමනාගමනයට බධා එල්ල වී තිබෙනවා.

ඊයේ රාත්‍රී කඩා වැටුණු ගස අද අලුයම දක්වා මාර්ගය හරහා වැටී තිබූ අතර මේ හේතුවෙන් අද අලුයම වන විටත් මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම නතර වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අද අලුයම කාලයේ දී ගස ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර අතර තවමත් මාර්ගයේ ගමනාගමනය යථා තත්වයට පත් වී නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.23
00:00
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42
Video thumbnail
අද දිනයේත් බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට
03:12