පස් කණ්ඩියක් කඩා වැටී බදුල්ල වැලිමඩ පාර වැසේ

පස් කණ්ඩියක් කඩා වැටීම හේතුවෙන් බදුල්ල වැලිමඩ මාර්ගය පුහුල්පොල ප්‍රදේශයෙන් අවහිර වී තිබෙනවා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ පවතින අයහපත් කාලගුණික තත්වය හමුවේ බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ, හපුතලේ සහ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හරහා වැටී ඇති මාර්ග කිහිපයක් අද අලුයම සිට පස්කඳු කඩා වැටීම හේතුවෙන් අවහිර වූ බවයි.

හාලිඇල කැටවල මාර්ගය කිරිගොල්ල ප්‍රදේශයෙන් පස් කන්දක් කඩාවැටී සම්පූර්ණයෙන් අවහිර වී තිබුණා.

බෝගහකූඹුර වැලිබිස්සාවෙල හරහා හෙවනකුඹුර මාර්ගය ද ස්ථාන කිහිපයකින් පසු කඳු කඩා වැටී අවහිර වී තිබූ බව සඳහන්.

කැප්පිටිපොල පිරිවෙන මාර්ගය ද පස්කඳු කඩාවැටී අවහිර වුණා. අවහිර වී ඇති මෙම මාර්ගය සියල්ලේ ම පිළිසකර කිරීම් කටයුතු බැකෝ යන්ත්‍ර ආධාරයෙන් සහ සහන සේවකයින් මගින් සිදු කළ බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළා.

මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කළ නාය යාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පළමු හා දෙවන මට්ටමේ අවදානම් නිවේදන හපුතලේ, හල්දුම්මුල්ල, වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා තවදුරටත් ක්‍රියාත්මක බව ද බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඊ එම් එල් උදයකුමාර මහතා කියාසිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දසවන ජනාධිපතිවරු ගැන දුමින්ද කිව්ව දේ - ඔක්කොම යාළුවෝ..නාමල් වෙනස් වෙමින් යනවා
06:02
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37