පස් කණ්ඩියක් කඩා වැටී බදුල්ල වැලිමඩ පාර වැසේ

පස් කණ්ඩියක් කඩා වැටීම හේතුවෙන් බදුල්ල වැලිමඩ මාර්ගය පුහුල්පොල ප්‍රදේශයෙන් අවහිර වී තිබෙනවා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ පවතින අයහපත් කාලගුණික තත්වය හමුවේ බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ, හපුතලේ සහ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හරහා වැටී ඇති මාර්ග කිහිපයක් අද අලුයම සිට පස්කඳු කඩා වැටීම හේතුවෙන් අවහිර වූ බවයි.

හාලිඇල කැටවල මාර්ගය කිරිගොල්ල ප්‍රදේශයෙන් පස් කන්දක් කඩාවැටී සම්පූර්ණයෙන් අවහිර වී තිබුණා.

බෝගහකූඹුර වැලිබිස්සාවෙල හරහා හෙවනකුඹුර මාර්ගය ද ස්ථාන කිහිපයකින් පසු කඳු කඩා වැටී අවහිර වී තිබූ බව සඳහන්.

කැප්පිටිපොල පිරිවෙන මාර්ගය ද පස්කඳු කඩාවැටී අවහිර වුණා. අවහිර වී ඇති මෙම මාර්ගය සියල්ලේ ම පිළිසකර කිරීම් කටයුතු බැකෝ යන්ත්‍ර ආධාරයෙන් සහ සහන සේවකයින් මගින් සිදු කළ බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළා.

මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කළ නාය යාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පළමු හා දෙවන මට්ටමේ අවදානම් නිවේදන හපුතලේ, හල්දුම්මුල්ල, වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා තවදුරටත් ක්‍රියාත්මක බව ද බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඊ එම් එල් උදයකුමාර මහතා කියාසිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.23
00:00
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42
Video thumbnail
අද දිනයේත් බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට
03:12