නොරොච්චෝල ජනන යන්ත්‍රයක් ක්‍රියා විරහිත කරයි

නොරොච්චෝල බලාගායේ දෙවන ජනන යන්ත්‍රය ක්‍රියා විරහිත කිරීමට සිදුවී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ එම යන්ත්‍රයේ හීටර් පද්ධතියේ ඇති වූ බිඳ වැටීමක් හේතුවෙන් දෙවන ජනන යන්ත්‍රය ක්‍රියා විරහිත කිරීමට සිදු වූ බවයි.

එය යථා තත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු බලාගාරයේ කාර්ය මණ්ඩලය විසින් ආරම්භ කර ඇතැයි ද නිවේදනයේ සඳහන්.

නොරොච්චෝල බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රයේ කටයුතු අවසන් කර ඇති අතර එහි පරීක්ෂණ ධාවන කටයුතු සිදු කෙරෙමින් පවතිනවා.

ඒ අනුව එම යන්ත්‍රය ද ඉක්මින් විදුලි නිෂ්පාදනයට යොදා ගත හැකි බවටයි විදුලිබල මණ්ඩලය සඳහන් කළේ.

දෙවන ජනන යන්ත්‍රය ක්‍රියා විරහිත වීම හේතවෙන් විදුලි සැපයුමට බාධාවක් නොවන අතර නඩත්තු කාලය තුල උපරිම වශයෙන් ජල විදුලිය නිෂ්පාදනය කර විදුලිය සැපයීමට කටයුතු කරන බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළා.

CEB


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16