spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නොරොච්චෝල ජනන යන්ත්‍රයක් ක්‍රියා විරහිත කරයි

නොරොච්චෝල බලාගායේ දෙවන ජනන යන්ත්‍රය ක්‍රියා විරහිත කිරීමට සිදුවී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ එම යන්ත්‍රයේ හීටර් පද්ධතියේ ඇති වූ බිඳ වැටීමක් හේතුවෙන් දෙවන ජනන යන්ත්‍රය ක්‍රියා විරහිත කිරීමට සිදු වූ බවයි.

එය යථා තත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු බලාගාරයේ කාර්ය මණ්ඩලය විසින් ආරම්භ කර ඇතැයි ද නිවේදනයේ සඳහන්.

නොරොච්චෝල බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රයේ කටයුතු අවසන් කර ඇති අතර එහි පරීක්ෂණ ධාවන කටයුතු සිදු කෙරෙමින් පවතිනවා.

ඒ අනුව එම යන්ත්‍රය ද ඉක්මින් විදුලි නිෂ්පාදනයට යොදා ගත හැකි බවටයි විදුලිබල මණ්ඩලය සඳහන් කළේ.

දෙවන ජනන යන්ත්‍රය ක්‍රියා විරහිත වීම හේතවෙන් විදුලි සැපයුමට බාධාවක් නොවන අතර නඩත්තු කාලය තුල උපරිම වශයෙන් ජල විදුලිය නිෂ්පාදනය කර විදුලිය සැපයීමට කටයුතු කරන බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළා.

CEB
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?