ශිෂ්‍යත්ව විභාගය අසමත් වූ පුතා ගැන පියෙක් තැබූ සටහන

2023 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ (16) මධ්‍යම රාත්‍රියේ නිකුත් කෙරුණා.

මෙවර විභාගයට පෙනී සිටි පිරිස අතරින් සමත්ව සිටින්නේ සියයට 15ක පමණ ප්‍රමාණයක් බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා කියාසිටියේ. කෙසේවෙතත් එම ප්‍රමාණය පසුගිය වසරට සාපේක්ෂව වැඩි වීමක් බව ද ඔහු සඳහන් කළා.

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අවසන් වීමෙන් පසු දෙමව්පියන් බොහෝ දෙනෙකු චෝදනා කළේ පළමු ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලබාදීම දරුවන්ට ඉතා අසීරු වී තිබූ බවයි.

ශිෂ්‍යත්ව විභාගය බොහෝ විට හඳුන්වනු ලබන්නේ අම්මලාගේ විභාගය යන අන්වර්ථ නාමයෙන්. ඊට හේතුව වන්නේ බොහෝ විට මව්වරුන් තම දරුවන් මෙම විභාගයෙන් සමත් කරවා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීමයි.

මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වීමට නොහැකි වූ දරුවෙක් පිළිබඳ පියෙක් ෆේස් බුක් සමාජ මාධ්‍ය ඔස්සේ තැබූ සටහනක් පිළිබඳ මේවන විට සමාජ මාධ්‍ය ඔස්සේම කතා බහක් නිර්මාණය වී තිබෙනවා.

එම සටහනින් එම පියාව පෙන්වා දෙන්නේ හැදියාව අතින් අංග සම්පූර්ණ තම දරුවා සමාජයේ සිටින අනෙක් අයට ආදරණීය චරිතයක් නම් විභාගය අසමත් වීම ගැටලුවක් නොවන බවයි.

අඩු ලකුණු ලබා ගත් බවට පවසමින් දරුවන්ට හිංසා නොකරන ලෙසට ඔහු දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටින අතර ශිෂ්‍යත්ව ලකුණුවලින් ජීවිතය මැනීමට නොහැකි බවයි ඔහු සිය ෆේස් බුක් සටහනින් පෙන්වා දෙන්නේ.

අසමත් වූ ළමුන්ට පරාජයට හේතුව සෙවීමට හුරු කර ජය මෙන්ම පැරදුම ද සතුටින් භාර ගැනීමට පුරුදු පුහුණු කළ යුතු බව ඔහු සඳහන් කර තිබෙනවා.

Father
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
68
+1
3
+1
37
+1
4
+1
15
+1
7
+1
4
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?