ශිෂ්‍යත්ව විභාගය අසමත් වූ පුතා ගැන පියෙක් තැබූ සටහන

2023 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ (16) මධ්‍යම රාත්‍රියේ නිකුත් කෙරුණා.

මෙවර විභාගයට පෙනී සිටි පිරිස අතරින් සමත්ව සිටින්නේ සියයට 15ක පමණ ප්‍රමාණයක් බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා කියාසිටියේ. කෙසේවෙතත් එම ප්‍රමාණය පසුගිය වසරට සාපේක්ෂව වැඩි වීමක් බව ද ඔහු සඳහන් කළා.

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අවසන් වීමෙන් පසු දෙමව්පියන් බොහෝ දෙනෙකු චෝදනා කළේ පළමු ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලබාදීම දරුවන්ට ඉතා අසීරු වී තිබූ බවයි.

ශිෂ්‍යත්ව විභාගය බොහෝ විට හඳුන්වනු ලබන්නේ අම්මලාගේ විභාගය යන අන්වර්ථ නාමයෙන්. ඊට හේතුව වන්නේ බොහෝ විට මව්වරුන් තම දරුවන් මෙම විභාගයෙන් සමත් කරවා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීමයි.

මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වීමට නොහැකි වූ දරුවෙක් පිළිබඳ පියෙක් ෆේස් බුක් සමාජ මාධ්‍ය ඔස්සේ තැබූ සටහනක් පිළිබඳ මේවන විට සමාජ මාධ්‍ය ඔස්සේම කතා බහක් නිර්මාණය වී තිබෙනවා.

එම සටහනින් එම පියාව පෙන්වා දෙන්නේ හැදියාව අතින් අංග සම්පූර්ණ තම දරුවා සමාජයේ සිටින අනෙක් අයට ආදරණීය චරිතයක් නම් විභාගය අසමත් වීම ගැටලුවක් නොවන බවයි.

අඩු ලකුණු ලබා ගත් බවට පවසමින් දරුවන්ට හිංසා නොකරන ලෙසට ඔහු දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටින අතර ශිෂ්‍යත්ව ලකුණුවලින් ජීවිතය මැනීමට නොහැකි බවයි ඔහු සිය ෆේස් බුක් සටහනින් පෙන්වා දෙන්නේ.

අසමත් වූ ළමුන්ට පරාජයට හේතුව සෙවීමට හුරු කර ජය මෙන්ම පැරදුම ද සතුටින් භාර ගැනීමට පුරුදු පුහුණු කළ යුතු බව ඔහු සඳහන් කර තිබෙනවා.

Father


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14