ප්‍රධානතම ආයතනයක සභාපතිවරයෙකුගේ වැටුප ගැන නිර්දේශයක්

පාර්ලිමේන්තුව මගින් සම්මත කළ දූෂණ විරෝධි පනත යටතේ ස්ථාපිත වන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ වැටුප් පරිමාණය වඩාත් ශක්තිමත් විය යුතු බැවින් දැනට යෝජනා කර ඇති වැටුප් පරිමාණය නැවත සළකා බලා කැබිනට් අනුමැතිය ලබා ගන්නා ලෙස මුදල් කාරක සභාව විසින් නිර්දේශ කර තිබෙනවා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයා, අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු සාමාජිකයන්ගේ වැටුප් සහ දීමනාවලට අදාළ යෝජනාව අනුමැතිය සඳහා ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් යුතු රජයේ මුදල් පිළිබද කාරක සභාවට යොමු කර තිබූ අවස්ථාවේදීයි මේ සම්බන්ධයෙන් සාකච්ඡා වූයේ.

මෙරට දූෂණය නතර කිරීම සඳහා පත් කරන ප්‍රධානතම ස්වාධීන ආයතනයේ ප්‍රධානියාගේ තනතුර සුවිශේෂි තනතුරක් බවත් එහි ගෞරවය සහ වටිනාකමට ගැළපෙන පරිදි අදාළ වැටුප් පරිමාණය වඩාත් ශක්තිමත් විය යුතු බවත් කාරක සභා සභාපතිවරයා අවධාරණය කළා.

මෙහිදී කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවසා සිටියේ අධිකරණ සේවයේ පවතින වැටුප් තල සලකා බලා අභියානාධිකරණ විනිසුරු වැටුප් තල හා සමානව මෙම වැටුප් යෝජනා කළ බවයි. එසේම මෙම වැටුප් පරිමාණය තීරණය කිරීමේ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට බවත් කාරක සභා සභාපතිවරයා පෙන්වා දෙනු ලැබුවා.

අනෙකුත් කොමිෂන් සභාවල සභාපතිවරුන්ට අමතර ආදායම් මාර්ග හා සම්බන්ධ වීමට හැකියාව තිබුණ ද මෙම කොමිෂන් සභාවේ සභාපතිවරයාට එවැනි අවසරයක්ද නොමැති බව ද හෙළි වුණා. එබැවින් තනතුරෙහි ගෞරවය සුරැකෙන පරිදි මෙම වැටුප් පරිමාණය ඉහළ තලයකට ගෙන ඒමේ අවශ්‍යතාව කාරක සභා සභාපතිවරයා අවධාරණය කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26